අද දින ඔබගේ කල දසාව - 2014 ඔක්තෝබර් 27.


  • මේෂ
ඔබට තිබූ කරදර, බාධාවල නිමාවක් දැකීමට හැකිවන අද දින රැකියා හා ව්‍යාපාර කටයුතුවල විශේෂ දියුණුවක් ගෙනදෙන බව පෙන්නුම් කරයි. අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි අතර උරුම හිමිකම් පිළිබඳ පැවති ගැටලු තමාට වාසිදායක අයුරින් විසඳෙනවා ඇත.

  • වෘෂභ
වෙළහෙළඳාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන අයත් වෙයි. රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් දක්නට ලැබෙන අද දින සමාජයේ ඉහළ තැන්වල සිටින්නන් අතර කිට්ටු සබඳතා ඇතිකරගනී. සමාජ සුබසාධනය වෙනුවෙන් මැදිහත්වී ක්‍රියා කිරීමට ඉදිරිපත් වෙයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

  • මිථුන
රැකියා කටයුතුවල නව මුහුණුවරක් ඇති වෙන අද දින හිත මිතුරන්ගේ සහයෝගය ලබාගත හැකි බව පෙන්නුම් කරයි. එදිනෙදා කළ යුතු වැඩ කල් දමන බව දක්නට ලැබෙන අතර මුදල් යොදවා කරන මොනයම් හෝ කටයුතුවලින් පාඩු ගෙන දිය හැකි දවසකි.

  • කටක
රැකියාවේ පසුබෑමක් දක්නට ලැබෙන අද දින සිතේ නොසන්සුන්තාවකින් වැඩකටයුතු කිරීමෙන් අනපේක්ෂිත කරදර දෙන අතර රාජකාරී කටයුත්තක් සඳහා වෙනත් ප්‍රදේශයකට යාමට සිදුවෙයි. අද දින තම බලා‍පොරොත්තු අතපසුවන බව පෙනීයයි. ගෘහ ජීවිතයේ අවිවේකී බවක් ගෙන දේ.

  • සිංහ
අද දින විවිධ තරාතිරමේ අය අතර සබඳකම් පැවැත්වීමට අවස්ථාව උදාවේ. රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධ වගකීම් වැඩිවන අතර කල්ගතවූ ණය මුදලක් හිමිවේ. ආදායම් මාර්ග යහපත්ව පවතින බව දක්නට ලැබේ. කෙටි ගමන්වලින් වාසි අත්වනු ඇත. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

  • කන්‍යා
විදෙස් ගතවීමට අපේක්ෂා කළ අයගේ අදහස් ඉටුවන අද දින කරගෙන යන කටයුතුවල සුවිශේෂී ප්‍රගතියක් ගෙන දෙන අතර බලා‍පොරොත්තු නොවූ පරිදි ධන ලාභයක් ලබාගත හැකි බව පෙනීයයි. විවාහ අපේක්ෂිත කන්‍යා ලග්න හිමියන්ගේ අදහස් සඵල විය හැකි දවසකි.

  • තුලා
දේපළ පිළිබඳ දීර්ඝකාලීනව පැවති නඩු හබවලින් සතුටුදායක තීරණයක් අද දින බලා‍පොරොත්තු විය හැක. ව්‍යාපාරවල නියුතු වූවනට නොසිතූ ලාභ ලබාගත හැකි අතර ඥාති සබඳතා තහවුරු වන දවසකි. පරම්පරාගත දේපළක් හිමිකරගැනීමට හැකිවෙනවා ඇත.

  • වෘශ්චික
ව්‍යාපාර කටයුතු හෝ දේපළ විකිණීම් ආදී වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා ශුභ දවසකි. වෙළෙඳ ව්‍යාපාරවලින් වාසි අත්වේ. රැකියා ස්ථානයේ සුහදතාව වර්ධනය වන අතර, අතිරේක ධන ලාභ ගෙන දිය හැකි අද දින දරුවකු නිසා සතුටුවීමට ඉඩ ලැබෙන බව දක්නට ලැබේ.

  • ධනු
තම විරුද්ධ වාදීන්ගේ හොඳ හිත දිනාගත හැකි අද දින එදිනෙදා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවේ. රැකියා ස්ථානයේ වගකීම් වැඩිවන අතර, සමාජ කටයුතු සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. අඹුසැමියන් අතර ලයාන්විත ගති වර්ධනය වේ.

  • මකර
ෙදෙනිකව කරගෙන ආ වැඩකටයුතුවල වෙනසක් සිදුවිය හැකි අද දින නව රැකියා මාර්ග කෙරෙහි සිත යොමුවන බව පෙනී යයි. ව්‍යාපාරිකයන්ට යහපත්ය. වාද විවාදවලට සම්බන්ධවීමෙන් හිතමිතුරන් අමනාප වීමට ඉඩ ඇති අතර නීතිමය ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන හේතු මතුවිය හැකි දවසකි.

  • කුම්භ
අද දින කළ යුතු නොකළ යුතු දෑ බේරුම් කරගත නොහැකි තත්ත්වයක් ගෙන දෙන අතර ඔබේ දුර්වල කමක් පාදක කරගෙන අයුතු ප්‍රයෝජන ලැබිමට ඇතැමුන් යොමුවන බව පෙනීයයි. රැකියා කටයුතුවල උදාසීන බවක් මතුවිය හැකි දවසකි. ගෘහ ජීවිතය ප්‍රීතිමත්ය.

  • මීන
ආර්ථික අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බව පෙනීයයි. රැකිරක්ෂා සම්බන්ධයෙන් අනපේක්ෂිත ගැටලු මතුවිය හැකි අද දින ව්‍යාපාර කටයුතුවල නිරත වූවනට තම අදහස් සපුරා ගැනීමට නොහැකි වන බව පෙන්නුම් කරයි. සිතට අවිවේකය ගෙන දෙන අතර ගෘහ ජීවිතයේ පීඩාකාරී බවක් දක්නට ලැබේ.


ලෙස්ලි ජයසිංහ - රද්දොළුගම නිවාස.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: