මම ආදරය කළේ ආක්ෂා සුදාරිට විතරයි - කාවිංග.


මම
  • සම්පූර්ණ නම - කාවිංග නාමල් පෙරේරා
  • වෙනත් නම් - කාවි
  • වයස - අවුරුදු 27 යි
  • කායවර්ධනය ගැන උනන්දුයිද? - එච්චරම උනන්දුවක් නෑ, වෙලාව හොයාගන්න අමාරු නිසා.
  • උස - :අඩි 6   බර - කි. ග්‍රෑ. 80


කලාව

  • විලාසිතා ගැන උනන්දු ඇයි? - මිනිස්සු නළුවෝ ගැන උනන්දු නිසා
  • වඩාත්ම ආකර්ෂණීය වුණු නිළිය කව්ද? - මාලනී ෆොන්සේකා,
  • අනර්කලී ආකර්ෂා, නදීෂා හේමමාලි, ආක්ෂා සුදාරි අතරින් සරාගීම නිළිය කව්ද? - ඒ තුන්දෙනාම සරාගියි. මොකද ඒ තුන්දෙනාට තියෙන්නේ ටැලෙන්ට් තුනක්. 
  • කලාවෙන් උපයන මාසික ආදායම කීයද? - ඒක කීවොත් ලොකු ප්‍රශ්නයක් වේවි
  • කලාවේ නමින් අයුතු ව්‍යාපාර කර නළු නිළියන් ඉන්නවාද? - එහෙම කියන්න ප්‍රමානවත් සාක්ෂි නෑ. 


විවාහය

  • විවාහය ලියාපදිංචි කළ යුතුද? - දික්කසාද නොවෙන්න විවාහය ලියාපදිංචි කරන්න ඕන තමයි
  • විවාහයේ දී පිරිමි අය දෑවැදි හොයන්නේ ඇයි? - ඒක පවුල් පසුබිමත් එක්ක තීරණය වන දෙයක්.
  • සමලිංගික විවාහය නීතිගත කළ යුතුද? - ඒකට උත්තරයක් නෑ. මොකද මම එහෙම කෙනෙක් නෙවේ. 
  • Living together  ජනප්‍රිය වීම හොඳද? නරකද? - දෙකම තියෙනවා. හොඳ තමයි විවාහයට කලින් ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන්. නරක ඒ දෙන්නටම වෙන අසාධාරණයක්.
  • විවාහය කල් දාන්නේ ජනප්‍රියත්වය අඩුවෙයි කියලද? - අනේ නෑ. තාම විවාහ වෙන්න කෙනෙක් නෑ. 


දවස

  • අමද්‍යපද? - නෑ
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් රෝගී වූ විට රජයේ රෝහල්වලින් මුදල් ගැනීම සාධාරණ ද? - ඒක තීරණය වෙන්නේ සමාජ මට්ටමත් එක්ක.
  • පාවිච්චි කරන වාහනය මොකක්ද? - MAXA ඩෙමියෝ
  • දේශපාලනයට ආවොත් මොන පක්ෂයෙන්ද? - ඒක අනාගතයේ දී කියන්නම්. 
  • ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයිද? - සමාජ සංස්කෘතියත් එක්ක ගැළපෙනවද නැද්ද කියන්න අමාරුයි. හැබැයි ඒ වෘත්තියට යොමු වෙන්නෙ ඒ කෙනාගේ කැමැත්තත් එක්ක.


ආදරය

  • ගැහැනු ළමයකු ගැන හිත යන මූලිකම කාරණා තුන? - එක එක්කෙනාගේ එක එක දේවල්
  • ක්‍ෂේත්‍රයේ කෙනෙක් බිරිද කරගන්න අදහසක් තියෙනවද? - මට හරියන කෙනෙක් ලැබුණොත් එයා කලා ක්‍ෂේත්‍රයේද, 
  • වෙන ක්‍ෂේත්‍රයකද කියන එක වැදගත් නෑ. - රංගන ශිල්පිණියන් කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවද? - 
  • මම ආදරය කළේ එකම කෙනාටයි. ඒ ආක්ෂා සුදාරීට විතරයි. 
  • කී පාරක් බූට් කාලා තියෙනවද? - බූට් නම් කාලා තියෙනවා. ඒත් ගාන කීවොත් ඒ අයට කරන අසාධාරණයක් ඒක.
  • ආදරය තුළ ආනුරාගයේ ප්‍රතිශතය කීයද? - චරිතත් එක්ක වෙනස් වෙනවා. අනුරාගය නොතිබුණත් ආදරය තියෙන්න පුළුවන්. 



තිළිණි මධුවන්ති.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: