සුනිල් ආරියරත්න 'පත්තිනි' සිනමාවට නගයි.


මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප‍්‍රකට විද්වතෙකි. සිනමා කරුවෙකි. ගේය පද රචකයෙකි. රසවතෙකි. විශ්ව විද්යාල ආචාර්ය වරයෙකි. ග‍්‍රන්ථ කර්තෘ වරයෙකි. ඔහු බොහෝ දේ මෙරට සුවහසක් ජනතාව වෙත නිර්මාණය කර දී තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්න ලාංකේය සිනමාවට දායාද කළ 'සරුංගලේ ','සිරිබෝ අයියා', 'පොඩි මල්ලී', 'අනුපමා', 'සුදුසෙවනැළි' 'උප්පලවන්නා', 'කුස පබා' ඇතුළු සිනමා නිර්මාණ රැසක් මෙරට පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරය දිනාගත් සිනමා නිර්මාණ විය .

සුනිල් ආරියරත්නයන් සිය නවතම සිනමා නිර්මාණය සඳහා මේ දිනවල මූලික වැඩ කටයුතු ආරම්භ කර තිබේ. මෙවර ඔහු සිනමාවට ගෙ එන්නේ අතිශය ආදරණීය කතාවකි. ඒ කන්නගී සහ කෝවලන් ගේ ආදර කතාව නොහොත් පත්තිනි දේවියගේ කතාවයි.

මේ වනවිට පත්තිනි සිනමා නිර්මාණ්‍ය සඳහා ප‍්‍රධාන රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් තෝරාගෙන ඇති අතර පූජා උමා ෂංකර්, උද්දික පේ‍්‍රමරත්න ,අරුණි රාජපක්‍ෂ ,ජයලත් මනෝරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ලකී ඩයස්, වීණා ජයකොඩි ඇතුළු විශාල පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වේ.

මෙහි කැමරා අධ්‍යක්‍ෂණය චන්න දේශප‍්‍රියගෙනි.. 'පත්තිනි' නිෂ්පාදන සම්බන්ධීකරණය කරණුයේ ප‍්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඞී රංජිත් කුමාර ය. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයි. සහාය අධ්‍යක්‍ෂණය විමල් දේශප‍්‍රියගෙනි. කලා අධ්‍යක්‍ෂණය බිමල් දුෂ්මන්ත්ය. නිෂ්පාදන කළමණාකරණය මනෝහාරී හේවාවසම්ය.ඇඳුම් නිර්මාණය වෙනුක වික‍්‍රමආරච්චිය. වේශ නිරූපණය සමීර කිඳෙල් පිටියගෙනි. මෙහි නර්ථන අධ්‍යක්‍ෂණය චන්දන වික‍්‍රසිංහගෙනි.

'පත්තිනි' රූගත කිරීම් 2015 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ නිෂ්පාදිකාව වනුයේ මිලිනා සුමතිපාල මහත්මියයි. 'පත්තිනි' තිර රචනය සහ අධ්‍යක්‍ෂණය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙනි.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: