හොලිවුඩ් නිළියක් වගේ කොණ්ඩය හැඩ කරගන්න.



ඔබත් ඔබේ හිසකෙස්වලට විවිධ විලාසිතා කරමින් හොලිවුඩ් නිළියක මෙන් හැඩවෙන්න කැමැතිද? උත්සව අවස්ථාවලට විවිධ විලාසිතා හඳුන්වා දෙන හොලිවුඩයේ ප්‍රවීණ කේශලාවණ්‍ය ශිල්පීි රොබට් වෙටිකාගේ කොණ්ඩා විලාසිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහි පයක් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම.

  • කොණ්ඩය වැඩිපුර සේදීම
ආසියානු රටවලට වඩා බටහිර රටවල කාන්තාවන්ගේ කොණ්ඩය නිරෝගී බවක් පෙන්වනවා. මෙයට හේතුව ලෙස බටහිර රටවල කාන්තාවන් පවසන්නේ ඔවුන් දින 2කට හෝ තුනකට වරක් ස්නානය කිරීමට පුරුදුව සිටීමයි. මන්ද හිසකෙස්වල ස්වාභාවිකවම නිෂ්පාදනය වන සීබම් තෙල් නිතර නිතර සේදීමෙන් ඉවත් වන නිසයි. මේ නිසා කෙස් ගස්වල ඇති තෙතමනය නැතිවී අධිකව වියළෙයි. නමුත් ඔබ දිනපතා ව්‍යායාම් කරමින් දහදිය දමා අධිකව වෙහෙසෙන අයෙක් නම් දිනපතා ස්නානය කර පිරිසුදු වීමත් වැදගත්ය. හිසකෙස් හොඳින් සෝදා පිරිසුදු කරගත යුතු නමුත් සැර අඩු නිෂ්පාදන මේ සඳහා යෙදීමට වග බලා ගන්න.

  • කන්ඩිෂනර් ඉවත් කරන්න
ෂැම්පු යොදා කෙස්ගස හොඳින් සෝදා ගත් පසුව කෙස් වියළෙයි. හිසකෙස් වියළීම වළක්වා ගැනීමට හොඳම පිළියම වන්නේ අවශ්‍ය පමණට ෂැම්පුවලින්ද සේදූ පසුව කන්ඩිෂනර් යෙදීමයි. නමුත් අවසානයේදී කන්ඩිෂනර් හොඳින් සෝදා ඉවත් කරගෙන කෙස් ගසට මෘදු හා තෙතමනය සහිත ආරක්ෂාවක් සැපයීම වඩාත් සුදුසුයි.

  • ෂැම්පු භාවිතය
විටින් විට හිසකෙස්වලට විලාසිතා එක් කරන ඔබ එය හොඳින් පිරිසුදු කර තබා ගැනීමටත් වග බලා ගත යුතුයි. කෙස් ගස මුලට ගැළපෙන ෂැම්පු වර්ගයක් යොදා හොඳින් අතුල්ලා ගෙන පිරිසිදු කරගැනීමට හැකියි.

  • කොණ්ඩය බැඳීමේදී
කොණ්ඩය විවිධ හැඩයට ගැට ගසා ගෙන කරන විලාසිතා ඔබ තවත් සුන්දර කරයි. නමුත් කෙස් ගස තද වන සේ ගැට ගැසීමට යොදා ගන්නා බෑන්ඩ් පටි කොණ්ඩයට හානි ඇති කරවයි. මේ නිසා කෙස් ගසට හානිකර නොවන වෙළෙඳපොළේ ඇති වර්ණවත් රෙදි පටි මේ සඳහා තෝරා ගන්න.

  • කොණ්ඩය ලේයර් කරන නිෂ්පාදන
නව විලාසිතාවලට අනුව කොණ්ඩය හැඩ කිරීමේදී විවිධ නිෂ්පාදන යොදන අවස්ථාද ඇත. ලේයර් කැපීමට පෙර කෙස්වලට ගල්වන දියරය ඉවත් කිරීම තරමක් අපහසුයි. කොණ්ඩය කපා විලාසිතා කිරීමේදී කොණ්ඩයේ අගිස්වලින් ආරම්භ කරන්න.



ශාලිකා රංගනී සමරදිවාකර.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: