කාන්තාවන්ට පමණයි.



මේ විශේෂඥ උපදෙස් කාන්තාවන්ගේ ප්‍රවේශම සඳහායි

1) කාන්තා ඔබට සෙනග අඩු අවස්ථාවක සැක සිතෙන පිරිමියකු සමග තට්ටු ගණනාවක ගොඩනැගිල්ලක විදුලි සෝපානයක (ලිෆ්ට් එකක) ගමන් කිරීමට සිදු වුවහොත් ඔබ කරන්නේ කුමක්ද?


විශේෂඥ උපදේශය: විශේෂඥ උපදේශය නම්, ඔබට ගමන් කිරීමට අවශ්‍ය තට්ටුව දක්වා ඇති සියළුම තට්ටු වලට අදාළ බොත්තම් ඔබා සියළුම තට්ටු වල සෝපානය නැවතීමට සළස්වන්න. සිහියක් ඇති එකෙක් ඔබට අතවරයක් නොකරනු ඇත.


2) ඔබ නිවසේ තනිව සිටින අවස්ථාවකදී නිවසට පැමිණෙන අමුත්තකු ඔබට හිරිහැර කිරීමට සැරසෙන්නේනම් කුමක් කළ යුතුද?


විශේෂඥ උපදේශය: වහාම කුස්සියට දුවන්න. මිරිස් කුඩු සහ කහ කුඩු ඇත්තේ කොතනදැයි නිවැරදිව දන්නේ ඔබ පමණකි. පිඟන් සහ පිහි තබා ඇත්තේ කොහිදැයි දන්නේ ඔබ පමණකි. මේ සියල්ල මාරක ආයුධ ලෙස යොදාගැනීමට හැකිය. වෙනත් කිසිවක් කළ නොහැකිනම්, පිඟන් කෝප්ප එහාට මෙහාට විසි කරන්න. ඔහේ කැඩුනාවේ. හයියෙන් කෑ ගසන්න. සතුරා අකමැති‍ම දේ හඬනැගීමයි.


3) රාත්‍රී කාලයේදී ටැක්සියක හො ත්‍රිරෝද රථයක යාමට සිදු වුවහොත් ඔබට ගතහැකි ආරක්ෂක පියවරයන් මොනවාද?





විශේෂඥ උපදේශය: වාහනයට ගොඩවීමට පෙර එහි ලියාපදිංචි අංකය, වාහනයේ පාට, වර්ගය ආදිය බලා මතක තබාගන්න. වාහනයට ගොඩ වූ විගස, ඔබගේ ගමනාන්තය රියැදුරුට දන්වා ඔබේ මොබයිල් ෆෝන් එක අතට ගෙන කවර හෝ හිතවතකුගේ (ස්වාමියාගේ, දරුවකුගේ, මිතුරකුගේ, මිතුරියකගේ, ඥාතියකුගේ) අංකය අමතා “මං දැන් රතු පාට ත්‍රී වීලර් එකක නැගලා අසවල් තැනින් බහිනවා, මාව ගන්න එන්න, ත්‍රී වීලර් එකේ නොම්බරේ මේකයි” ආදී වශයෙන් ඔබ ගමන් ගන්නා රථය ගැන හැඳින්වීමක් කරන්න. ඔබ අතේ මොබයිල් ‍‍ෆෝන් එකක් නැත්නම් නිකම්ම අත කනේ තියාගෙන කතා කළත් කමක් නෑ. ඔබ අමතනු ලබන තැනැත්තා කතා නොකළත් කමක් නෑ. ඔබ එනතුරු ඥාතියාට ගමනාන්තයේ සිටින ලෙස දැන්වූ බව සහ ඔබ එන රථය ඥාතියාට දැනුම් දී ඇති බව රියැදුරුට හඟවන්න.


4) රියැදුරා වාහනය නොයා යුතු පාරකට හැරවූවොත් ඔබ කරන්නේ කුමක්ද?


විශේෂඥ උපදේශය: ඔබගේ අත් බෑගයේ හැන්ඩලය හෝ සාරි පොට හෝ ඔසරි පොට රියැදුරුගේ බෙල්ලට තබා පිටුපසට අදින්න. (නිසැකවම ඔබ වාඩි වී සිටින්නේ රියැදුරුට පිටුපසින් කියා සිතමි.) ඔබ අත අත් බෑගයක් නැතිනම්, ඔබ සාරියක් හෝ ඔසරියක් හෝ පංජාබි සූට් එකක් ඇඳ නැතිනම්, රියැදුරුගේ කමිස කොළරයෙන් තදින් අදින්න. ඔහුගේ කමිසයේ උඩ ‍බොත්තම අවශ්‍ය කාර්යය ඉටු කරනු ඇත.


5) කවරකු හෝ ඔබව ෆලෝ කරන බව පෙනී ගියහොත් ඔබ කළ යුත්තේ කුමක්ද?


විශේෂඥ උපදේශය: වහාම සාප්පුවකට හෝ නිවසකට ගොඩ වැදී ඔබට ඇති වූ සැකය ගැන විස්තර කරන්න. විවෘත නිවසක් හෝ සාප්පුවක් නොමැතිනම්, ටෙලර් යන්ත්‍රයක් වුවත් කම් නැත. (ඒවායේ සෙකියුරිටි ගාඩ්ලා සිටිති. සීසීටීවී යන්ත්‍ර ද තිබේ)


7) සෑම විටම අවදියෙන් ඉන්න. (ඇලට් එකේ ඉන්න.)


(8) මෙය කලින් කියවා ඇත්නම් හෝ නැත්නම්, මේ ගැන තව තවත් අය දැනුවත් කරන්න.



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: