- සුවඳ විලවුන් භාවිත කරන විට
මිල ප්‍රමාණය වෙනස් වුවත් සුවඳ විලවුන් සියල්ලම එක සමානයි. මිල කියන්නේ පාරිභෝගිකයා රැවටීමට යොදා ගන්නා ප්‍රයෝගයක්. ඔබ සුවඳ විලවුන් ඉස ගැනීමට පෙර සම මත මොයිෂ්චරයිසින් ආලේපය ඉතාම වැදගත් වනවා. එයට හේතුව සුවඳ විලවුන්වල ඇල්කොහොල් අඩංගු වීමයි. සුවඳ විලවුන් වාෂ්ප වනවිට සමෙහි තෙතමනයද උරා ගන්නා නිසා සම වියළි වනවා.
- ස්ක්‍රබ් කරන විට
හුඟක් අය දන්නේ නැහැ ස්ක්‍රබ් කිරීමට සුදු සීනි යොදා ගන්නවා කියලා. ඉතා තුනී පිරිසුදු සුදු සීනි සොයා ගැනීම පහසුයි. කිසිම විටෙක සුදු සීනි නිසා සමට හානිවේ යැයි සිතන්නත් එපා. සුදු සීනි දියාරු වන ලෙස ජලයේ මිශ්‍රකර භාවිත කිරීමෙන් සමට හානි වන්නේ නැහැ.
- සැණෙකින් සුමුදු දෙතොලක්
සමහර කාන්තාවන් ඉක්මනින් දෙතොල් ඔප දමනවා. නමුත් ඉන් දෙතොල හානි විය හැකියි. ඒ නිසා, ඉතා පහසු සහ ඉක්මන් ක්‍රමයක් තිබෙනවා. ලිප්ස්ටික් ස්වල්පයක් ඇඟිල්ලට ගෙන දෙතොලෙහි ගල්වන්න. ටිකෙන් ටික ඇතිල්ලීමෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලිප් බාම් ද එලෙස ගල්වා ගත හැකියි.
- හොඳ ලිප්ස්ටික් විසි කරන්න එපා
හංසි ආටිගල.