50 පස්සේ ජිවිතේ ලස්සනට ගෙවන්න උපදෙස් කිහිපයක්.


අපේ ජීවිතේ හරිම ඉක්මනින් ගෙවිලා යනවා. කාර්යබහුල ජීවන රටාවක් සමඟම ජීවිතේ වියපත් වීම ගැන ඔබේ සැලකිලිමත් බව ගැන නම් සෑහීමකට පත්විය නොහැකියි. අවුරුදු 50ක් වන විට ඔබේ ජීවිතයේ බොහෝ අවධීන් පසු කරලා, ඉදිරි ජීවිතය නිරෝගිමත්ව ගත කිරීමට නම් ඔබට මේ කාරණා කිහිපය වැදගත් වේවි.

  • වෛද්‍ය පරීක්‍ෂණවලට යොමු වීම
අවුරුදු 50න් පසුව රෝග ඇති වීමේ වැඩි අවදානමක් පවතියි. මේ නිසා මුළු ශරීරයම පරීක්‍ෂා කර ගැනීමට සුදුසු වෛද්‍ය පරීක්‍ෂණ වෙත යොමු වෙන්න. මේ අතරින් ඇස් පරීක්‍ෂාව, දත් පරීක්‍ෂාව, රුධිරගත සීනි මට්ටම මෙන්ම හෝමෝන ආශි්‍රත ගැටලු මැන බැලීමත් වැදගත් වෙනවා.

  • හෝමෝන පරීක්‍ෂාවට වැඩි ඉඩක්
මේ වයසේදී කාන්තාවන්ගේ ශරීරය තුළ හෝමෝන විපර්යාසයක් වන නිසා එය වෙනත් රෝග ඇති වීමටත් බලපෑ හැකියි. එම නිසා ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න.

  • උෂ්ණාධික ආහාරවලින් අෑත්වන්න
ශරීරය උණුසුම් වන ආහාරවලින් හැකි තරම් අෑත් වන්න. මාළු, ඉස්සන්, දැල්ලන්, තක්කාලි, අන්නාසි, චට්නි හා මිරිස් අධිකව ආහාරයට නොගන්න. මේ වෙනුවට ඇඟ සිසිල් කරන ආහාරවලට හුරුවන්න. මුං ඇට, කොමඩු, බාර්ලි හා සව් වැනි ආහාර නිතරම ආහාර වේලට එක් කර ගන්න.

දිනකට වරක් හෝ ඔෟෂධීය පානයක් සවස 4.00ට පෙර ගැනීම වඩා සුදුසුයි.

  • පාදවල තැළීම්වලට අයිස් තෙරපි
වියපත් වන විට පාද හා සන්ධිවල වේදනාවන් ඇති වේ. ඔබ මෙවැනි විටෙක හුරු වී සිටින්නේ විවිධ බාම් වර්ග ආලේප කිරීමට හා උණු ජලයෙන් තැවීමටය. නමුත් ඔබේ ශරීරය මේ අවධියෙදි හෝමෝන ක්‍රියාවලියෙන් උණුසුම්ව ඇති නිසා මේ පිළියම නම් සුදුසු නොවේ. ඒ වෙනුවට අයිස් පැක් එකක් හෝ ශීත තුවායකින් දණහිස්, වළලුකර හෝ වෙනත් ශරීරයේ නැවෙන ස්ථාන තැවීමට හැකියි. මෙය අයිස් තෙරපි ලෙස හඳුනා ගනියි.

  • මෙට්ටය තෝරා ගැනීමේදී සැලකිලිමත් වන්න
කොන්දේ ආබාධ ඔබට මේ අවධියේදී නිතරම ඇති විය හැකියි. මේ නිසා අවුරුදු 45 සිටම තරමක් ඝනකම සහිත හයිය මෙට්ටයක නිදාගැනීමට හුරු වන්න. වාහන පදවන්නේ නම් එහි අසුනටද මේ ආකාරයට සාදාගත් කොට්ටයක් යොදා ගන්න. වඩාත් සුව පහසුවට ඇති එබෙනසුලු මෙට්ට නිසා ඔබේ අස්ථි අධිකව සෙලවෙන නිසා එලෙස නිමවූ ඉධටච, පුටු හා ඇඳන් ආදිය ඇත්නම් ඒවා මාරු කරන්න.

  • කොට්ටය මාරු කරන්න
මෙට්ටය මෙන්ම ඔබ හිස තබන කොට්ටයද අතුරු ආබාධ ඇති කරවිය හැකි දෙයක්. මේ කාලයේදී අධිකව දහදිය දැමීම, හිස අධිකව රත්වීම, ඉස්හොරි ගැටලු හා විවිධ ක්‍ෂුද්‍ර ජීවීන් ඇතිවීම නිසාත් මාස 6කට වරක්වත් කොට්ටය මාරු කිරීම සෞඛ්‍යාරක්‍ෂිතයි. මේ නිසා අවම වශයෙන් වසරකට වරක්වත් කොට්ටය අලුත් කර ගැනීම වැදගත්ය.

  • ආහාර ගැනීමේදී
රාත්‍රි ආහාරයට බත්, අල වැනි කාබෝහයිඩේ්‍රට් අඩංගු ආහාර නොගන්න. ඒ වෙනුවට එළවළු හෝ සුප් පානයක් පිළියෙල කර ගන්නත් පුළුවන්. පලතුරු යුෂ වැනි විටමින් ඛ් අඩංගු පාන නම් උදෑසන ගැනීම වඩාත් සුදුසුයි.

  • සීනි, ලුණු සීමා කරන්න
සීනි, ලුණු හා තෙල් වැනි දේ ශරීරයට ගත යුතු වන්නේ අඩු ප්‍රමාණයකිනි. දිනකදී නම් මේවා තේ හැඳි 2 බැගින් ගැනීම ඔබට වඩා සුදුසුයි. එය ඔබට ඇති උපරිම සීමාවයි. එනම් සීනි, ලුණු හා තෙල් දිනකට තේ හැඳි 2කට වඩා ගැනීම ඔබට සුදුසු නොවේ. පැණි රස බිස්කට් වැනි කෙටි ආහාරයක් ගන්නවා නම් තේ එක සීනි නොදා පානය කිරීමට හුරුවන්න. මේ වෙනුවට ඇඹුල් රසැති ආහාරවලටත් ඔබට යොමුවිය හැකියි. සවස 6න් පසුව සීනි යෙදූ ආහාර වර්ග ගැනීමෙන් අෑත්වන්න. පෙණහලු හා වකුගඩු ආබාධ ඇති වීමත් ඔබට මින් පාලනය කරගත හැකියි.

නින්දෙදී හදිසි හෘද රෝග ඇතිවීමේ අවදානමද මින් අවම කරයි.

  • කොන්දේ ආබාධ ගැන අවධියෙන් සිටින්න
මේ අවධියේදී අස්ථි හා මාංස පේශිවල දුර්වලතා ඇති වීම සාමාන්‍ය දෙයක්. එබැවින් කොන්ද අමාරු, දණහිස හා උකුල ආශි්‍රත වේදනා ඇත්නම් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්‍ෂා කරගන්න. මිනිපිරියන් බලා ගැනීමේ කාර්යයක් ඔබට මේ අවධියේ කිරීමට සිදු වුවද දරුවන් වඩා ගැනීමේදී කොන්දට ඇතිවන ආබාධ ගැන සැලකිලිමත් වෙමින් ඒවා සිදු කිරීමට වගබලා ගන්න. බරක් එසවීමේදී කොන්දට නොව පාදවලට දැනෙන ලෙස එම ක්‍රියා සිදුකළ යුතුයි. මේ නිසා පාද ශක්තිමත් කරන ව්‍යායාමවලට වැඩි අවධානයක් දෙන්න.

පිහිනීම කොන්දේ ආබාධ ඇති අයටත් පහසුවෙන්ම යෙදීමට හැකි ව්‍යායාමයක්. දුවන ව්‍යායාම හා යන්ත්‍රවලින් සිදු කරන ව්‍යායාමවලට ඔබ යොමු වන්නේ නම් ව්‍යායාම් උපදේශකවරයකුගේ උපදෙස් පිළිපදින්න.

  • මුත්‍රා කිරීම වරින් වර සිදුවන්නේ නම්
ඔබේ ශරීරය උණුසුම් නිසා එය සමනය කිරීමට සවස 3 සිට 5 වනතෙක් වතුර හා වතුර අඩංගු වෙනත් ආහාර වර්ග ගන්න. නමුත් සවස 5ත්, රෑ 10ත් අතර වතුර අඩංගු ආහාර අඩුවෙන් ගැනීමට හුරුවන්න. ලුණු භාවිතයත් අඩු කරන්න. රාත්‍රි කාලයේ වරින් වර ඔබට මුත්‍රා කිරීමට සිදුවන්නේ මේ ගැන නිසි දැනුවත් වීමක් නොමැතිකම නිසා විය හැකියි.

හිරු එළිය බැස යන විට එනම් සවස 4ට පමණ ඇඟපත සෝදා පිරිසුදු වීමත් වැදගත් දෙයක්.

මන්ද ඔබ ස්නානය කර පිරිසුදු වීමෙන් පැය 1/2කට පමණ පසු මුත්‍රා පිටවීම සිදුවන නිසයි. ඔබ නිදා ගැනීමට සූදානම් වීමට පෙර ස්නානය කරන්නේ නම් මුත්‍රා කිරීමේ අවශ්‍යතාව ඇතිවන නිසා ඔබේ නින්දටත් බාධා පැමිණිය හැකියි.

  • අමතක වීම
වියපත් වීමත් සමඟ ඔබට කායිකව පමණක් නොව මානසිකවත් ගැටලු ඇති වෙයි. අමතක වීම මින් ප්‍රධාන ගැටලුවක්. මේ නිසා කරන හා කළ දේවල් සියල්ල දින පොතක සටහන් කර තබන්න. දවසෙන්, විනාඩි 10ක්වත් මේ සඳහා වෙන් කරන්න. දුරකතන අංක, ඔබ ගන්නා ඔෟෂධ හා දරුවන්ගේ කාර්යයන් පවා සටහන් කර තැබීමෙන් ඔබටත් පහසුවක් වේවි.

  • සිතේ සතුට
බොහෝ කාන්තාවන් මැහුම් ගෙතුම් වැනි නිර්මාණාත්මක කටයුතුවල යෙදන්න වැඩි කැමැත්තක් දක්වනවා මල් පැළ වගාව වගේම සුරතල් සතුන් ඇති කිරීමත් මානසික සහනයට හොඳම පිළියමක්. ජීවිතයේ සැදෑ සමයේ තනිව ජීවත් වන වැඩිහිටියන් සුරතල් සතුන් සමීප කරගැනීමෙන් ඒ පාළුව මඟහරවා ගන්නවා. එය සිතට මහත් සතුටක් ගෙන දේ. වයස 50න් පසු මානසික සුවතාවය හරිම වැදගත්.

  • මනස ශක්තිමත් කරන්න
මනසට උදේ‍යාගයක් ගෙනදෙන වීර චරිත, ලෝකේ දියුණුව ගැන ඇති පොත්පත් කියැවීමට හුරුවන්න. අලුත් අත්දැකීම් ගැන උනන්දු වන්න. මනස ශක්තිමත් කර ගැනීමට නම් බෝධි පූජා කිරීම වැනි ආධ්‍යාත්මික කටයුතුවල උදෑසන කාලයේදී නිරත වන්න. යෝගා, භාවනා විධිවලත් උදෑසන කාලයේ නිරත වීම මනස ශක්තිමත් කිරිමට උදව් වෙනවා.

  • මානසික ආතතියට
ලංකාවේ අවුරුදු 50ට වැඩි කාන්තාවන් 5 දෙනෙක්ගෙන් එක් අයෙක් ප්‍රතිකාර ගතයුතු මානසික රෝගයකින් පෙළෙන බව ඔබ දන්නවාද? මෙවැනි අවස්ථාවකදී ඔබ විසඳුම් සෙවිය යුතු වන්නේ තනිව නොව ඒ පිළිබඳ උපදේශකවරයකුගෙනි. නමුත් මේ ගැටලුවලට විසඳුම් සෙවීමට පවුල හෝ ආධයාත්මික නායකයකු මැදිහත් කර ගැනීම සුදුසු නැත. උපදේශන සේවය ලබාදෙන පුහුණු විශේෂඥවරයකුගෙන් හැම විටම උපදෙස් ලබාගන්න.

  • අඹු සැමියන් අතර කතාබහ
මේ කාලයේදී කාන්තාවන්ගේ සිතේ බිය, සැකය, සාංකාව වැනි හැඟීම් වෙනදාට වඩා අති වෙනවා. තම සැමියා හා දරුවන්ගේ කටයුතු ගැනත් නිතරම සැකයෙන් පසු වනවා. මේ නිසාම මානසික වියවුල ඔබේ වියපත් වීම තවත් ඉක්මන් වෙනවා. මෙයට වඩාත් සුදුසු වන්නේ තම සැමියා සමඟ මේ දේවල් ගැන ඉතා සමීපව කතාබහ කිරීමයි. එයට නිසි පිළිතුරක් නොලැබුණත් ඔබේ මනසේ පීඩනය එඑයින් මඟහැරී යයි. අඹු සැමියන් අතර වන සුහද කතාබහ ඔබේ ගැටලු රැසකට පිළියම් ලබාදෙයි.


ශාලිකා රංගනී සමරදිවාකර

උපදෙස් : එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: