ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයාගේ හොලිවුඩ් නියෝජනය.


ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන රෙෂාන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂනය කරනු ලද නවතම "Gloomy Boy" නැමති Music Video ව, මාර්තු මස ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ (Hollywood) හොලිවුඩයේ (Beverly Hills) බිවර්ලි හිල්ස් හීදී පවත්වන්නට නියමිත 5 වන iPhone Film Festival සදහා Music Video අංශයෙන් තරග වැදීමට තේරී පත්වී තිබේ. ප්‍රංශයෙන්ම ඒසදහා තෝරාගෙන ඇත්තේ නිර්මාණ දෙකක් පමනක් වීම සුවිශේශත්වයකි.

2009 වසරේදී, "මැයි 20" නැමති ඔහුගේ සිව්වැනි කෙටි චිත්‍රපටයද මෙලෙස (Hollywood) හොලිවුඩයේ ISFF 2009 අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙලට තේරී පත්වූයේ (Beverly Hills) බිවර්ලි හිල්ස් හී Beverly Garland's Theater හීදී ප්‍රදර්ශනයද කරමින්.

"Gloomy Boy" මියුසික් වීඩියෝවේ සියලු වැඩ කටයුතු ප්‍රංශයේ පැරිස් නගරයේ සිදු කර ඇත. සංගීත නිර්මාණය FloidBeats වන අතර මෙහි කතාව, සංස්කරණය සහ නිශ්පාදනයද Silent Entertainment වෙනුවෙන් රෙෂාන් ප්‍රනාන්දු සතුවේ.

නිර්මාණය මුලුමනින්ම රූගත කර ඇත්තේ iPhone 5s ජංගම දුරකතනයකිනි.

ලොව නවතම සංගීත පෙරලියක් වන Dubstep ක්‍රමයට මෙහි සංගීතය නිමවා ඇති අතර සංගීතයට පමනක් උචිත තිර කතාව ඔස්සෙ Music Video නිර්මාණය කිරීම ලොව නවතම විලාසිතාවකි.

යුරෝපයේ බෙහෙවින් දක්නට ලැබෙන මව හා පියා විරසක වීමේ ඛේදවාචකයට ලක්වූ පවුලක හුදකලා වන කුඩා පිරිමි ළමයකු වටා ගෙවුනු කතා වස්තුවක් "ග්ලූමි බෝයි" හෙවත් ඛේදජනක පිරිමි ළමයා නිර්මාණයට පදනම් වී ඇත.

සංගීතයට උචිත කතාව විව්ද වූ කැමරා කෝන ඔස්සේ ප්‍රේක්ෂකයාට ගෙන ඒම හා වයස අවුරුදු 10 යක් වූ ප්‍රංශ ජාතික එලී (Elie) නැමති පුංචි පිරිමි දරුවාගේ මනා රංගන කුසලතාවය ඉහත නියොජනයට රුකුලක් වන්නට ඇතිබව නොඅනුමානය.



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: