ඉම්රාන් ජැක්ලින්ගේ හාදුවට වශී වෙලා.



  • ඔබ ගැන ලෝකය දන්නේ ටිකයි. ඇයි ඒ?

මම මාධ්‍ය හමුවීම්වලට කැමැති නෑ. මගේ පෞද්ගලික තොරතුරු සඳහන් වෙබ් අඩවි නෑ. අන්තර්ජාලය තුළ මාව කාටවත් සොයා ගන්න බෑ.


  • ඔබ නළුවෙක් වෙන්න හිතුවේ ඇයි?

මම කවදාවත්ම නළුවෙක් වෙන්න හීනෙකින්වත් හිතපු කෙනෙක් නෙවෙයි. උපතින්ම නළුකම අරගෙන චිත්‍රපට ක්‍ෂේත්‍රයේ පවුලක ඉපදුණ කෙනකුත් නෙවෙයි.


  • එහෙනම් ඇයි රඟපාන්නේ?

මගේ රැකියාව නළුකම නෙවෙයි. දිගටම නළුවෙක් වෙන්නවත් මට ඕන නෑ. ඒ නිසාම නළුවකුට අවශ්‍ය ජීවිතය මට ඕන වෙන්නේ නෑ.



  • හින්දි සිනමාවේ ජනප්‍රියම "සිපගන්නා" ඔබයි. ඔබට "Serious kisser" කියන්නේ ඇයි?

මම kiss කරන දර්ශනවල රඟපාන කොට මම හිතනවා මේක චිත්‍රපටයක් නෙවේ, මම මේ දේ කරන්නේ ඇත්තටමයි කියලා. ඉතින් මම මගේ විදියටම ඒක කරනවා. එතකොට උපරිමයෙන් ඒක වෙනවා.



  • නිළියන් අකැමැතිද ඔබ උපරිමයෙන්ම ඔවුන්ව සිප ගන්නවාට?


මම සිපගන්නේ බොරුවට රඟපෑමකට නෙවෙයි. ඇත්තටම ආදරයෙන් සහ කාමයෙන්. ඒක නිළියන්ට දැනෙනවා. ටික වේලාවකින් අපි දෙන්නම ඒක ඇත්තටම කරන්න ගන්නවා. ඒ කැමරාවට පේන්න නොවේ.



  • චිත්‍රපට අධ්‍යක්‍ෂවරු කියන්නේ කාමුක දර්ශනවල රඟපෑමේදී ඔබ තමයි දක්‍ෂතම නළුවා කියලා. ඇත්තද ඒ? කොහොමද ඔබ ඒ දක්‍ෂතාව ඇති කරගත්තේ?

රඟපෑම්වලදී පෙර පුහුණුවීම් තියෙනවානේ. ඒත් kiss කරන දර්ශන හෝ කාමුක දර්ශනවලට පෙර පුහුණුවීම් නෑ. practice කරන්න වෙන්නෙ ගෙදර wife එක්ක තමයි. ඒ දක්‍ෂතාව ලැබුණේ එහෙමයි.


  • මොනතරම් තදින් ඔබ සිනමා නිළියන්ව සිපගත්තත්, ඇඳුම් ගැලෙව්වත් අනෙක් නළුවන්ට වගේ අනියම් සම්බන්ධතාවක් ගැන කටකතා ඔබට නෑ. ඇයි?

ඇත්තටම මම කරන්නේ රඟපෑමක් විතරයි. රඟපෑමෙදි එම චරිතය තුළ ජීවත් වුණත් රඟපෑමෙන් පස්සෙ ආයෙත් මම මා තුළයි ඉන්නේ. මම විවාහකයි. මට බිරියක් ඉන්නවා. මගේ සියලු බැඳීම් ඇය සමඟ පමණයි.



  • ඔබ ඉතාම ජනප්‍රිය කෙනෙක්. ඒත් කවුරුවත් දන්නේ නෑ ඔබේ බිරිය කවුද? එයා මොනවද කරන්නේ කියලා. ඇයි ඇයව හංගගෙන ඉන්නේ?

ඇය ප්‍රසිද්ධියට කැමැති කෙනෙක් නෙවෙයි. ඇය නිදහසේ ජීවත් වෙනවා. ඇය ප්‍රසිද්ධ කෙනෙක් වුණොත් ඇයටත් මට වගේම නිදහස නැතිවේවි.


  • විවාහයෙන් පසුවද ඔබ රඟපෑවේ?

ඔව් මගේ පළමු චිත්‍රපටය මම බලද්දී ඇයත් මා ළඟ හිටියා.



  • ඔබේ චිත්‍රපටවල ඔබ බරපතළ ලෙස සිපගැනීම් සහ sex කරනවා. ඔබේ බිරිය මේ දේවල් බලනවද?

ඔව්. ඇය මා රඟපාන සියලුම චිත්‍රපට බලනවා. චිත්‍රපටයේ සියලුම දර්ශනත් බලනවා.


  • අපි දන්නෙ නෑ කොහොමද ඇය ඔබට ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඔබ වෙනත් කාන්තාවක් සමඟ sex දර්ශනවල ඉන්නවාට?

ඔව්. මම කියන්නම් එක අවස්ථාවක් විතරක්. මගේ පළමු චිත්‍රපට murder  බලන්න මා සමඟ මගේ බිරිය, නෑයන් සහ සමීපතම යහළුවන් සිනමා ශාලාවට ගියා. මා ළඟම හිටියෙ බිරිය. මට පිටුපසින් හිටියේ මගේ ආච්චි. මගේ බිරිය මානසික කම්පනයකට ලක්වෙන යමක් චිත්‍රපටයේ තිබුණොත් ඇය කටින් හිමීට ස්... ස්... ස්... කියනවා. Murder බලනකොට පටන්ගත්ත වෙලාවේ ඉඳලා අවසන් වෙනකම්ම මට ඇය ස්... ස්... ස්... කියනවා ඇහුණා.



  • ඔබ නිළියව සිපගන්නා දර්ශන පෙන්වද්දිත් ඇය ස්... ස්... ස්..." ගගාද හිටියේ?

නෑ. ඇය මගේ අත තදින් අල්ලාගෙන හිමීට කිව්වා. "ඔයා ඒක කරනවා" කියලා. ඇය මොනතරම් තදින් මගේ අත අල්ලගෙන හිටියද කියනවා නම් ඇගේ උල් නියපොතුවලින් මගේ අත හිල්වෙලා මට තුවාල වුණා.


  • ඔබට කෑ ගැහුණේ නැද්ද ඒ වෙලාවේ?

කෑ ගැහුවා නම් මුළු හෝල් එකේම මම නෝණ්ඩි වෙන නිසා සද්ද නැතිව හිටියා. හෝල් එකෙන් යනකොටත්, ගෙදර ගිහිල්ලත් එයා මා එක්ක එක වචනයක්වත් කතා කළේ නෑ.



  • එච්චරද වුණේ? ඊට පස්සේ අප්සට් එකක් නෑනේ?

මොකද නැත්තේ? එයා මාත් එක්ක shopping යන එක එදායින් පස්සේ සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අදටත් එයා මාත් එක්ක කොහේවත් යන්න එන්නෙ නෑ.


  • ඔබේ ජීවිතය වෙනස් කළ අදහස මොකක්ද?

මහේෂ් භාත්ගේ murder  චිත්‍රපටයේදී මාව නිරුවත් දර්ශන සහ සිපගන්නා දර්ශනවලට යොදා ගැනීමට ඔහුට ආව අදහස.


  • අවස්ථාවක් ලැබුණොත් පහත සඳහන් අයගෙන් ඔබ හොරකම් කරන්නේ මොනවද?

අභිෂේක් බච්චන් - එයාගේ බිරිය ඓශ්වර්යා
රන්බීර් කපූර් - එයාගේ girlfriend
සායිෆ් අලී ඛාන් - එයාගේ බිරිය තමයි හොඳම හොරකම් කරන්න.
ෂාරුක් ඛාන් - එයාගේ නම් ගෙදර තමයි වටින්නේ බිරියට වඩා.



  • ඔබට තිබෙන පහත සඳහන් අයට නැති හැකියාව මොකක්ද?

රන්බීර් කපූර් - සිප ගැනීම
රිතික් රෝෂන් - සැබෑ ප්‍රේමවන්තයාගේ චරිතය රඟපෑම


  • ඔබ තිරයේදී සිපගත් කැමැතිම සහ හොඳම නිළිය කවුද?

ගොඩක් අය ඉන්නවා. ඒත් හොඳම සහ කැමැතිම කෙනා ජැකොලින් ෆර්ඩිනැන්ඩ්ස්.


  • සිපගත් අයගෙන් නරකම, අකමැතිම කෙනා කවුද?

මල්ලිකා ෂෙරෝද්.


  • චිත්‍රපටය නිදන කාමරයක සිපගන්නා දර්ශනයකට එනවා නම් කැමැති මොන නිළියද මෙතෙක් ආපු නැති අයගෙන්.

දීපිකා පදුකෝන්


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: