කාන්තාවන් හයදෙනෙක්ගේ ටැටූ කතා.


අම්රිත් කල්‍යාණි (ගුරුවරියක්)
මම පච්චයක් කොටන්න යනවා කියලා දැනගත්තාම මගේ අම්මා මට එරෙහි වුණා. "ඔයා කසාද බැන්දම ඔයාගේ ස්වාමියාගෙන් අහලා ඕන දෙයක් කරන්න" අම්මා එහෙම කිව්වාම මට ඕන දේ කරන්න බැරි මේ සමාජය ගැන මට දුක හිතුණා.අම්මා කියන විදියට පච්ච කොටන අය මේ සමාජයේ පිළිගන්නේ පහත් විදියට. ඒ දේ එහෙම නොවෙයි කියලා මගේ අම්මට තේරුම් කරන්න සෑහෙන කල් ගතවුණා. පච්චයක් කෙටුවා කියලා මම කොහොමද නරක ගැහැනු ළමයෙක් වෙන්නේ.


ප්‍රකෘති ජාවේරි (ලේඛිකාවක්)
හැම අම්මා කෙනෙක් වගේ මගේ අම්මත් ඊචබබධවලට විරුද්ධයි. මට මගේ ඇඟේ පච්චයක් කොටාගන්න අවශ්‍ය වුණේ වයස අවුරුදු 15ක් විතර ඉඳන්. ඒත් මගේ මවුපියන් සහ වැඩිහිටියන් ඒකට මට අවසර දුන්නෙම නැහැ. "ඊචබබධ එක මගේ මුළු ජීවිත කාලෙම තියෙනවා. ඔයාට එපා වුණත් ඒක මකලා දාන්න බෑ" කියලා මගෙ අම්මා මාව බියවැද්දුවා. "පච්ච කොටන්නේ හිරකාරයෝ. ඔයත් හිරකාරයෙක් වගේ වේවි" කියලා මගේ නංගි මට කිව්වා. තාත්තා නම් කිව්වේ "කීයටවත් ඔයාගේ ඇඟේ විකාර කුරුටු ගාන්න එපා" කියලා.


මනාලි ෂා (මාධ්‍යවේදිනියක්)
මම පළමුවැනියටම පච්චයක් කෙටුවේ පුංචිම පුංචි මෝස්තරයක්. මම කවුරුත් කියන දේ අහන්න ගියේ නැහැ. ඒ දේවල් අහලා පස්සේ මට පසුතැවෙන්න වෙයි කියලා හිතුණා. ඒත් මගේ සමහර යාළුවෝ නම් කිව්වා පච්ච කෙටුවට පස්සේ ටික කාලයක් යනකල් ලේ දන්දෙන්න බැහැ කියලා.


ෂර්දා ෂා (ගෘහ නිර්මාණ ශිල්පිනියක්)
මගේ යාළුවෙක් තමයි මගේ ඇඟේ මුලින්ම පච්චයක් කෙටුවේ. ඒක ටිකක් වේදනාකාරී අත්දැකීමක්. සියුම් වේදනාවක් දැනෙනවා. හුඟක් අය ඇහුවා කොහොමද ඒ වේදනාව ඉවසගෙන හිටියේ කියලා. ඒත් ලිංගිකව එක්වෙනකොට දැනෙන වේදනාව තරම් පච්චයක් කොටනකොට වේදනාවක් දැනෙන්නේ නැහැ. මගේ මවුපියෝ නම් කරදර වුණේ නිකරුණේ සල්ලි වියදම් කළ එක ගැන. මගේ නැන්දා නිකරුණේ සම නාස්ති කරගත්තා කියලා බැන්නා.


වැනීසා ලුවිස් (ලේඛිකාවක්)
මම පච්චයක් කොටන්න තීරණය කළේ මගේ 18 වැනි උපන් දිනය දවසේ. මම තෝරාගත්ත පච්චයේ තේරුම වුණේ බලාපොරොත්තුව කියන එක. මගේ අම්මා නම් ඒක එච්චර ගනන් ගත්තේ නැහැ. යාළුවෝ මට එක එක දේවල් කියලා විහිළු කළා. ඒත් මම ඒවා එච්චර තැකීමක් කළේ නැහැ.


වීදි ෂා (ශිෂ්‍යාවක්)
මම පච්චයක් කෙටුවේ මගෙ අම්මව පුදුම කරන්න. එයාගේ උපන් දිනේ දවසේ මගේ අතේ තියෙන පච්චය දැකලා එයා පුදුම වෙනවා බලන්නයි මට ඕන වුණේ. මම මගේ මැණික්කටුව ළඟ "අම්මගෙ පුංචි කෙල්ල" කියලා කොටාගත්තා. මම හිතුවේ මේ විදියට පච්චය කෙටුවාම එයාලා සතුටු වෙයි කියලා. ඒත් මම බලාපොරොත්තු වුණු සතුට මට දැනුණේ නැහැ. එයාලා මට කිව්වේ ඔයා පොඩි ළමයෙක් වගේ පේන්නේ නැහැ කියලා. තවත් අය මට බැන්නා ඇයි ඔයා තාත්තගේ පුංචි කෙල්ල නෙවෙයිද කියලත්.

සවනි ශේෂාධි

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: