ක්‍රිස්ටීන් ස්ටුවර්ට් සිනමාවෙන් සමුගනියිද ?


Twilight Saga චිත්‍රපට මාලාව තුළින් සුපිරි තරුවක් ලෙස සිනමා ලොව වැජඹුණද ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ සිනමා ජීවිතය තුළ යම් පසුබෑමක් දක්නට ලැබිණි. එයට හේතුව වූයේ ඇය තමන්ට රංගනයෙන් දායකවීමට ආරාධනා ලැබුණු චිත්‍රපට සඳහා සම්පූර්ණ වශයෙන් දායක නොවීමයි. පසුගිය කාලයේ චිත්‍රපටවල විවිධ චරිත සඳහා යම්තාක් දුරට සාධාරණයක් ඉටුකිරීමට හැකිවීම පිළිබඳව තමන් සතුටුවන බව ඇය ප්‍රකාශ කළත්, ඇය සිය ඒකාකාරී සිනමා ජීවිතයෙන් ඉදිරි කාලයේදී ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.  

ක්‍රිස්ටීන් ස්ටුවර්ට් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ,
"මම අවුරුදු දෙකක කාලය තුළ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුණා. දැන් මට ඕනෙ මෙම ක්ෂේත්‍රයෙන්, සමාජයෙන් පොඩ්ඩක් ඈත්වෙලා නිදහසේ හුස්ම ගන්න. අපි මෙම රැකියාවත් සමග කරන්නේ හැමදාම අනෙකත් සමග තරගයට දුවන එකයි.

මට මේ දෙය එපාවෙලා තිබෙන නිසයි මම ඉවත්වීමට තීරණය කරන්නේ. ඇත්ත වශයෙන්ම කිව්වොත් මම හරි කැමැතියි චිත්‍ර අඳින්න. පොඩි කාලෙත් මම චිත්‍ර ඇන්දා. මට ඕනේ විවේක කාලයත් චිත්‍ර අඳිමින් ගතකරලා සැහැල්ලුවෙන් ඉන්නයි" යනුවෙනි.

‘2014 වර්ෂයේදී ඇය රංගනයෙන් දායක වූ අවසාන චිත්‍රපටය වන්නේ ස්ටිල් ඇලිස් චිත්‍රපටයයි. එම චිත්‍රපටය ආදායම් වාර්තා අතරට පැමිණි චිත්‍රපටයක්ද විය. කෙසේ නමුත් ඇය මෙම වර්ෂයේදී (2015) ආරාධනා ලැබී ඇති චිත්‍රපට සඳහා කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. තවද ඇය මෙම ක්ෂේත්‍රයෙන් ඉවත්වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවද විචාරකයෝ පවසති. 

කෙසේ වුවද මෙම පුවත පිළිබඳ ඇගේ රසිකයන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.





මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....


0 comments: