Anushka Sharma කොටු කිරීම උපක්‍රමයක්ද?


පසුගිය තුන්කොන් තරඟාවලියේ අන්ත පරාජයෙන් පසුව උනත් ඉන්දීය ක්‍රීඩාලෝලීන් සිය කණ්ඩායම පිලිබඳ බලාපොරොත්තු අතහැර තිබුනේ නැහැ. කෙසේ හෝ ඉන්දීය කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව තරඟයටම ආවා.




මේ පරාජයත් එක්ක Facebook, Twitter අලුත් වුණේ මිලිතත්පර ගානට. ඒ පරාජය පිළිබඳ සුප්‍රකට බොලිවුඩ් නිලි, විරාත් කෝලිගේ පෙම්වතිය වන Anushka Sharmaට.



ඇය තරඟය බලන්නට පැමිණ සිටි සියලු මාධ්‍යයන් පෙන්වූ අතර අනපේක්ෂිතව කෝලි දැවී ගිය වගේම, ඉන්දියාවත් පැරදුණා.

ඇය කෝලිගේ අසාර්ථක පිතිහරඹය දකින්නට දුර කතර ගෙවාගෙන ඔස්ට්‍රේලියාවට ගිය එක අපරාදේ කියනවා වෙනුවට, හැමෝම විවිධ චෝදනා කලේ Anushkaට.



Anushkaගේ අලුත්ම චිත්‍රපටය NH10 වෙනුවෙන් මෙය ප්‍රචාරක උපක්‍රමයක් ලෙසත් යොදාගත්තා. නමුත් ඉන්දීය ජනප්‍රිය නළු නිලියන් ඇතුළු සමහර පුද්ගලයන් මෙයට විවෘතව Twitter හරහා විරෝධය පල කර තිබුණා.

කොහොමහරි අන්තිමට හැම පැත්තෙන්ම උගුලට අහුවුණේ කාන්තාවක්.

හැබැයි අපිට අහන්න තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි.
11 දෙනෙක්ගේ අසාර්ථකත්වය එක ආදරණීය පෙම්වතියක් මත පැටවීම යුතුද?

- අනුෂි හක්මනගේ 

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: