ලොව ළාබාලතම වෘත්තීය චිත්‍ර ශිල්පිනිය ඇයයි.



ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීහු බොහෝදෙනා වෘත්තීයට මට්ටමේ ඉදිරියෙන්ම සිටිති. මේ අතර පුංචි දැරියක් තම කාමරය තුළ සෙල්ලමට මෙන් විවිධ වර්ණ එක් කොට එහි වර්ණ සංකලන අත්හදා බැලුවාය. නමුත් කුඩා වයසේ සිටම සියලුම දෙනාට අභියෝග කරමින් ලොව ළාබාලතම වෘත්තීය චිත්‍ර ශිල්පිනිය වූයේද ඇයයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි එලීටා ඇන්ඩ්‍රිගේ වයස මේ වනවිට වයස දැන් අවුරුදු 7 කි. ඇයට වයස මාස 9 ක් වනවිට චිත්‍රයක් යම්තාක් දුරට සිතුවම් කිරීම ආරම්භ කළ බව ඇගේ දෙමාපියෝ පවසති. ඇයගේ දෙමාපියන් දෙදෙනාම වෘත්තීමය කලාකරුවෝය.

කුඩා කාලයේ සිටම ඇගේ වර්ණ සංයෝජනය හා වර්ණාලංකාරයට ඇති විශේෂ හැකියාව දක්නට ලැබුණු බව ඇගේ දෙමාපියන් අදහස් දක්වා ඇත. ඇයගේ ළාබාල කාලයේ සිටම සිතුවම් නිර්මාණය කිරීමට කැන්වස් සහිත පුවරු නිර්මාණය කරන කාමරයක් තම දෙමාපියන් විසින් සාදා දී තිබේ. ඇය ළමා කාලයේ සිට අනෙකුත් ළමුන් මෙන් සෙල්ලම් කිරීමට කිසිදු ආශාවක් නොතිබුණි. බැවින් ඇය හුදෙකලාව මෙවැනි සිතුවම් සඳහා යොමුවී ඇත. 

නමුත් පසුව ඇගේ දෙමාපියන් විසින් තම දියණියගේ සිතුවම් නිර්මාණයක් සංවිධානය කරන ලදී. එය 2011 වර්ෂයේදී ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් වශයෙන් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ අතර, එහි ඇති සියලු නිර්මාණ එක් සතියක් ඇතුළත විකිණී අවසන් විය. එහි තිබූ සෑම නිර්මාණයක්ම රු. 130,000.00 ත් රු. 570,000.00 ත් අතර අගයන්ට මිල සටහන් කර තිබූ අතර, මෙහි සියලු නිර්මාණ එම මුදලටම විකිණී අවසන් විය.

එම ප්‍රදර්ශනයේ අයිතිකරු වන්නේ ළබාලතම චිත්‍ර ශිල්පියනිය වන එලීටා ඇන්ඩ්‍රේය. මෙම ප්‍රදර්ශනයේ තිබූ නිර්මාණ ඇගේ දෙමාපියන්ගේ සහයෝගයෙන් කෙරුණ බව සමහරු දොස් පැවරුවත් ඇය චිත්‍ර අඳින ආකාරය පටිගත කර පෙන්වූ පසු එම සැකය සම්පූර්ණයෙන්ම බැහැර විය.

එලීටාගේ 04 වැනි නිර්මාණ එළිදැක්වීම පසුගිය ජනවාරි 20 වැනිදා ආරම්භ කරනු ලැබූ අතර, එය එම මස 25 වැනිදා දක්වා පැවැත්විණි. එම ප්‍රදර්ශනය පවත්වන ලැබුවේ ලන්ඩන්හිදීය. එක්තරා මහාචාර්යවරයෙකු මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණ ඇති අතර,  එහිදී ඔහු පවසා ඇත්තේ මෙම චිත්‍ර ඇඳි පුද්ගලයාව මුණගැසීමට අවශ්‍ය බවයි. එහිදී ඇයගේ දෙමාපියන් විසින් පුංචි එලීටාව රැගෙන ලදී.

එහිදී එම මහාචාර්යවරයා පවසා ඇත්තේ තමාට එම චිත්‍ර ශිල්පියාගේ දියණියව මුණගැසීමට අවශ්‍ය නොවන බවයි. එහිදී ඇය පවසා ඇත්තේ මේ චිත්‍ර තමාගේ බවයි. මෙම මහාචාර්යවරයා පවසා ඇත්තේ මෙවැනි වර්ණ සංයෝජනයක් කිරීමට ඇති හැකියාව පුදුමසහගත බවයි. ඇයට තම විශ්වවිද්‍යාලය තුළ චිත්‍ර ශිල්පය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක්ද මහාචාර්යවරයා විසින් ලබා දී තිබේ.

2011 වර්ෂයේදී ආරම්භ කරන ලද පළමු ප්‍රදර්ශනයෙන් පසුව 2012 වර්ෂයේදී, 2013 වර්ෂයේදී සහ 2014 වර්ෂයේදී එක් එක් රට රටවලට එලීටාගේ චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු යොදා ඇත.







0 comments: