කාලයේ පුවත් මවන්නිය ඇයයි.


පසුගිය කාලයේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වන Maleficent චිත්‍රපටයේ Princes Aurora නම් චරිතයට පණදුන් Elle Fanning නැවනත් පුවත් වෙබ් අඩවිවල පුවත් මවන්නියක් බවට පත්වී ඇත. පසුගිය අවුරුද්දේ Maleficent චිත්‍රපටයේ රංගනය සඳහා තම ශරීරයේ බර වැඩි කරගැනීමට ඇය වෙහෙසුණු බව විවිධ මාධ්‍ය වාර්තා කළේය. නැවතත් ඇය මෙම වර්ෂයේ නිෂ්පාදනය කිරීමට නියමිත Trumbo චිත්‍රපටය සඳහා ශරීරය කෙට්ටු කරගැනීමට වෙහෙසෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

1998 වර්ෂයේ උපත ලැබූ ඇය මේ වනවිට 16 වැනි වියේ පසුවෙයි. ඇය 2001 වර්ෂයේදී රංගන ජීවිතය ආරම්භ කළේ I Am Sam චිත්‍රපටයේ Younger Lucy චරිතයෙනි. ඉන්පසුව 2003 වර්ෂයේ Daddy Day Care චිත්‍රපටය සඳහා දායක වූ ඇය ඉන්පසුව Phoebe in Wonderland, Somewhere, We Bought a Zoo යන චිත්‍රපට සඳහා දායක විය. මෙම චිත්‍රපට සඳහා දායකවීමෙන් පසුව ඇයට Saturn Awardහිදි Young Artist Award සම්මානය හිමි වූ අතර, ඊට අමතරව Broadcast Film Critics Association Award, A Teen Choice Award, A Scream Award සහ MTV Movie Award සම්මාන උලෙළවලදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව 2002 වර්ෂයේදී ඇය රූපවාහිනී කතා මාලාවක් වන Taken කතාමාලාවටද දායක විය. ඇය 2003 වර්ෂයේ සිට 2007 වර්ෂය දක්වාම රූපවාහිනී කතාමාලා සඳහා එක්වූ අතර, 2007 වර්ෂයෙන් පසු රූපවාහිනී කතා මාලාවලින් සමුගැනීමට තීරණය කළාය. එයට හේතුවූයේ ESPN රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදිනියක වන ඇගේ නැන්දාගේ උදව්වෙන් ඇය ටෙනිස් ක්‍රීඩාවට යොමුවීමයි. ඇය ටෙනිස් ක්‍රීඩාවට යොමුවීමත් සමග ඇයට ලැබුණු වෙළෙඳ දැන්වීම් නිසා ESPN නාලිකාවටද විශාල ලාභයක් ඉපැයීමට හැකියාව ලැබී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න...

0 comments: