Zayn Malik ඇත්තටම One Direction කණ්ඩායමෙන් ඉවත් වුණේ ඇයි?







සතියකට විතර කලින් Zayn Malik අතිශයින් කතාබහට ලක්වුණේ සිය පෙම්වතිය වූ Perrie Edwards ගෙන් ඈත්ව තායිලන්තයේ Brit Lauren Richardson සමග පැහෙන්න යන බවට චෝදනා එල්ලවූ නිසයි.


Brit සමග Zayn 
පසුගිය දින කීපය තුළ ලොවම හඬා වැටෙද්දී One Direction කණ්ඩායමෙන් පවා සමුගත් Zayn දැන් යලිත් බොහොම සතුටින් සිය පෙම්වතිය සමග කල් ගත කරන බවයි පෙනෙන්නට තිබෙන්නේ. ඔහු මේ දිනවල 'හැකි ඉක්මනින් විවාහ වීමට' සුදානම් බවත් විවාහයෙන් පසුව ජීවත් වීමට මේ දිනවල සුදුසු නිවසක් හොයනවාලු.

මේ මිලදී ගන්න බලපු ගෙදර පිහිටලා තියෙන්නේ Hertfordshireවල. Sunday Mirror වෙබ් අඩවියට අනුව මේ නිවස ස්ටර්ලින් පවුම් මිලියන 2ක් වටිනවා.



අක්කර 4ක් පුරා විහිදිලා තියෙන මේ ගෙදර කාමර 7ක්, විසිත්ත කාමර 4ක් වගේ තවත් බොහෝ සුඛෝපබෝගී අංග සහිත සුවිසල් මන්දිරයක්ලු.

කොහොමවෙතත් තමන් ආදරය කරන කෙනාව විවාහ කරගෙන සතුටින් ජීවත් වෙන්න නම් Zayn Malik තමන්ගේ කණ්ඩායම One Direction අතහැරලා ගියේ, අපි හදවතින්ම සුභ පතනවා.   

- අනුෂි හක්මනගේ 

0 comments: