බ්‍රිතාන්‍ය හොල්ලන ලංකාවේ යුවතිය - Chamali Fernando


ලොව පාර්ලිමේන්තු ක්‍රමයන් අතර සුවිශේෂිම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් හිමි, එම ක්‍රමයේ තිඹිරිගෙය වන්නේ මහා බ්‍රිතාන්‍යයි. ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට, ශ්‍රී ලාංකික යුවතියක් තරඟ වැදීමට සුදානම්.


නමින් ඇය චමාලි ප්‍රනාන්දු. කළුතර ප්‍රදේශයේ විසු සුමල් ප්‍රනාන්දු සහ වනිතා ප්‍රනාන්දු යුවලට බ්‍රිතාන්‍යයේදී ලැබෙන චමාලි ගේ උපතත් අපූරු සිදුවීමක්. 

1979 එක්තරා දවසක හදිසියේ ඇගේ මව නියමිත දිනට කලින් විලිරුදාවෙන් පෙලෙන මොහොතක, රෝහලට යාමට කල් ගත වීම භයානක නිසා නිවසේදීම වින්නඹු මවක් වූ මව විසින්ම සියලු කටයුතු කරගෙන ඇයට උත්පත්තිය දී තිබෙනවා.

David Cameron වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කොන්සර්වේටිව් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්වන ඇය බැරිස්ටර් උපාධිය හිමි නීතිඥවරියක්.

ඇය එංගලන්තයේ වැඩි කතාබහට ලක්වූයේ මානසික රෝගීන් විසින් ඇත පළඳනාවක් පැළඳිය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමගයි.



කාන්තාවන් ලෙසත්, ඇයගේ වෙබ් අඩවියේ ඇය දක්වා ඇති ප්‍රතිපත්ති අනුවත් ඇයට දිගු ගමනක් යා හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරමින්, සුභ පතන්නෙමු. 


0 comments: