කළු නම් දැකුම්කලූ වෙන්න.


කොච්චර සුදු වෙන්න Try කළත් කළු අයත් ලස්සනයි කියලා කියන්නම  ඕනෙ. ඉතින් කළු හමක් තියෙන ඔයාට Make Up එකක් කරනකොට සැලකිලිමත් වෙන්න  ඕනෙ කාරණා කිහිපයක් කියලා දෙන්න අපි තීරණය කළා. මොකද සමහර කළු අය Make Up කරපුවාහම බලන්න බැරි තරම් කැත හින්දා. එහෙම අවලස්සන වෙන්න මූලිකම හේතුව තමයි එයාලා සුදු වෙන්න Make Up කරන එක.


  • Light Make Up එපා!


ඔයාගේ හම කළු නම් ඔයාට Light Make Up එකක් ගැළපෙන්නේ නැහැ. Light Make Up එකකට ඔයාව විකාරයක් වගේ අනිත් අයට පේන්න පුළුවන්. ඒ හින්දා Light Make Up පාවිච්චි කරන්න එපා. අඳුරු පැහැ Make Up එකක් හරි අඳුරු පැහැයට හුරු Make Up එකක් හරි පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ ඇත්ත ලස්සන එළියට එන්න හරිම වැදගත් වෙයි.


  • හරි Foundation එකක්!

හිතුමතේ Foundation එකක් පාවිච්චි කරන්න එපා. ඔයාගේ සමේ පැහැයට ගැළපෙන Foundation එකක් පාවිච්චි කරන්න  ඕනෙ. නැත්නම් මූණෙ හුණු ගෑවා වගේ පෙනේවි. ඔයා දන්නවනේ රෝස පාට සහ කහ පාට Foundation වර්ග දෙකක් තියෙනවා කියලා. මේ දෙකෙන් අඳුරු පැහැ සමක් තියෙන කෙනෙක්ට ගැළපෙන්නෙ කහ පැහැති Foundation එකක්. ඒ නිසා කහ පැහැති Foundation එකක් තෝරගත්තොත් ඔයාව ලස්සනට පෙනේවි.


  • දිදුලන තොල්!

අඳුරු පැහැ සමක් තියෙන ඔයාට හරියටම හරියන්නේ Bold වෙච්ච තොල් විලාසිතාවක්. තද පැහැති වර්ණයක තොල් ආලේපනයක් තමයි ඔයාට ගැළපෙන්නේ. රතු පාට තොල් ආලේපනයක් නම් ඔයාට ගොඩක් ලස්සනට තියෙයි. ඒ වගේ දුඹුරු පාටත් ඔයාගේ තොල්වලට සුන්දරයි.


  • අඳුරු ඇහිබැම 

ඔයාට ගැළපෙන්නේ සිහින් වගේම ගොඩක්  Bold වෙච්ච ඇහිබැමක්. ඔයාගේ සම අඳුරු පැහැ එකක් නිසා ඔයාගේ ඇස් දෙක කැපිලා පේන එක ඔයා ලස්සනට පේන්න ඉතා වැදගත්. ඇස් දෙක කැපිලා පේන්න ඔයාගේ ඇහිබැම අඳුරු පැහැයට හරවා ගන්න. මතක තියාගන්න කළු අයගේ ඇස් හරිම ලස්සනයි. ඇහිබැම පාට කරන්න තද කළු හරි දුඹුරු පාට හරි පැන්සලක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා.


  • කම්මුල් පැහැදිලිව.

ඔයාගේ කම්මුල් සුදු පැහැයට හරවා ගන්න හදන්න එපා. මොකද ඔයාට තියෙන්නෙ ලස්සන අඳුරට හුරු දීප්තිමත් කම්මුල් දෙකක්. ඒ දීප්තිය ඔයාට දිදුලන පෙනුමක් එකතු කරයි. එතකොට ඔයත් කළු වුණාට දිදුලන දීප්තියක් තියෙන සුන්දර කෙනෙක්.

අපිටත් කියන්න තියෙන්නේ ‘කළු කෙල්ලේ, ඔබ හරිම හැඩයි, සුදු කෙල්ලන්ට වඩා’ කියලා. හැබැයි ඒ ලස්සන නැතිකර ගන්න හදන්නෙත් ඔයාලම තමයි. අපි කියලා දුන්න විදිහට ඔයාගේ කළු පෙනුම තවත් සුන්දර කරගන්න. එතකොට ඔයා සුදු නෑ කියලා කිසිම අඩුපාඩුවක් වෙන්නෙ නැහැ.


| ‪#‎විදූ‬ | ‪#‎ViDhu |‬


0 comments: