සරසවි ගිහින් රඟපෑම තෝරා ගත්ත ගීතිකා.


ගීතිකා රාජපක්ෂ වන ඇය අපට හමුවන්නේ උතුම් පැතුම් සහ අංකල් සෑම් ටෙලි නාට්‍ය සමඟයි. රඟපෑමට මේ විදියට පැමිණ සිටින මේ ගීතිකා යනු කැලණි සරසවියෙන් උපාධියක් ලද තරුණ ශිල්පිණියකි. උපාධිධාරිණියක වූ ඇය රඟපෑමට පැමිණියේ ඇයි? උපාධිය සමඟ රඟපෑමට ආ ගීතිකා අද සඳැල්ල කතාබහ ගීතවත් කළේ මෙලෙසිනි.


  • ගීතිකා ඒ හැර තවත් නම් තියෙනවද ඔබට?

ගීති කියලා ආදරේට කියන්නෙ. 


  • කවුද එහෙම කියන්නෙ?

යාළුවො තමයි


  • ගීත ගයන්නත් පුළුවන්ද?

පාසල් කාලයේදී නම් ගීත ගැයුවා. දැන් බැහැ.


  • ඇයි දැන් මොකද වෙලා තියෙන්නෙ?

ගායනය කියන්නේ ප‍්‍රගුණ කළ යුතු දෙයක්. පාසල් කාලයෙන් පසුව ප‍්‍රගුණ කළේම නැහැ.


  • පාසල් කාලයෙන් පසුව මොනවද කළේ?

පාසල් අධ්‍යාපනය හොඳින් කළා. සරසවි වරම් ලැබුවා. කැලණිය සරසවියෙන් අනුක ජීව විද්‍යා අංශයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. ඉන්පසුව රැකියා දෙකක්ම කළා.


  • එහෙම කරලා ඇයි රඟපෑමට ආවේ?

සරසවි කාලයේ ඉඳලාම නිරූපණ ක්ෂේත‍්‍රයේ හිටියා. ඒත් එක්කම ටෙලිනාට්‍ය රංගනයට ආරාධනා ලැබුණා. වතාවක සරසවියෙ පැවැත් වූ විලාසිතා දැක්මකින් පසුව රූපවාහිනී දැන්වීමකට ආරාධනා ලැබුණා. ඉන් පසුව මියුසික් වීඩියෝවලටත් ආරාධනා ලැබුණා. ”සිහින කිරිල්ලිය” ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණෙ ඒ කාලයේදීයි. ඉන් පසුව නිල්වලා ආයතනයෙන් ආරාධනා ලැබුණා.


  • දැන් වෘත්තිය මොකක්ද?

දැනට රඟපෑමේ කටයුතුවල යෙදෙනවා. ඊට අමතරව මගේ උපාධියට ගැලපෙන රජයේ රැකියාවක් කිරීම තමයි අරමුණ.


  • ඔබගෙ පවුලේ විස්තර ගැන කිව්වොත්?

මගේ ගම පොල්ගහවෙල. මලියදේව ආදර්ශ මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ. පවුලෙ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි, නංගියි, මල්ලියි. අක්කාත් කැලණි සරසවියේ උපාධිධාරිණියක්. අක්කා විවාහකයි.


  • අද ඔබ ජනප‍්‍රියයි කියලා හිතනවාද?

ඔව්, අද මම එහෙම හිතනවා.


  • ඒකට හේතුව?

මේ දිනවල විකාශය කෙරෙන ”උතුම් පැතුම්” නාට්‍යයේ සුදු හාමිනේ, චරිතය වගේම අංකල් සෑම් නාට්‍යයේ චරිතය වගේම පසුගිය දිනවල විකාශය වූ නාට්‍යවල රඟපෑ චරිත නිසා.


  • ඒ කියන්නේ කාර්ය බහුල ශිල්පිණියක්?

පසුගිය දිනවල කාර්යබහුල වුණා. මේ දිනවල තරමක් විවේකියි.


  • ටෙලි නාට්‍ය රංගනයේදී ඔබට සැලකිය යුතු චරිත ලැබුණාද?

 ඕනෑ තරම් ලැබුණා. නමුත් ලැබෙන  ඕනෑම චරිතයක් කිරීමට වඩා මට කළ හැකි චරිතයක් පමණක් බාර ගැනීම තමයි කරන්නේ.


  • ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ දිගටම රැුඳෙන්න ද කල්පනාව? නැත්නම් වෙනත් රැකියාවක් කිරීමට ද සූදානම?

අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. නවක නිළියක ලෙස පේ‍්‍රක්ෂක මතකයේ රැඳෙන තරමේ හොඳ චරිත කිරීම අරමුණයි. දක්ෂතාවය අනුව ක්ෂේත‍්‍රයේ රැඳෙන්න පුළුවනි. ඒ නිසා රඟපෑමේ විෂයට උපරිම කැපකිරීමක් කරනවා.


  • රඟපෑමට විතරද දක්ෂ?

නර්තනයටත් දක්ෂයි කියලා හිතනවා. පාසල් කාලයේදී වගේම සරසවි කාලයේදීත් නර්තනය හැදෑරුවා. උඩරට සම්ප‍්‍රදායේ නර්තනය හදාරන්න ඒ නිසා ශිෂ්‍යත්වයක් පවා ලැබුණා.


  • ගීතිකා දැන් ගමේ යනවද?

ගිහින් හිටියා. දැන් අම්මගෙ යාළුවෙක්ගෙ ගෙදර තමයි නතර වෙලා ඉන්නේ. නිවාඩු ලැබුණු හැටියෙ ගෙදර යනවා.


  • කැම්පස් යන කාලයේදි රැග් එකට අහුවුණා කියලත් ආරංචියි?

අපේ ෆැකල්ටියෙ අයට එච්චර රැග් ලැබුණෙ නැහැ. සිංදුවක් කියන්න වගේ පොඩි දේවල් කරන්න තිබුණෙ. ”හීනයකි මට ආදරේ” ගීතය ගයලා පෙන්නුවා. ඒ හින්දා පුංචි රැගකට මුහුණ දෙන්න වුණා.


  • ගීතිකා මොන විදියෙ කෙනෙක් ද ඔබ?

ඇත්තම කිව්වොත් මම මාවම හොයන කෙනෙක්. එක එක වෙලාවට එක එක විදියයි. විවිධාකාරයි. විවිධ ස්වභාවයන්ට අනුව විවිධාකාර වෙනවා. මට ආදරය කරන අය අනුව එයාලා හිතන විදිය අනුව වෙනස් විදියට හිතනවා ඇති. ඒක එයාලගෙ සිතිවිල්ලයි.


  • කවුද ආදරේ කරන්නෙ?

‘‘අපි කතා නොකර ඉමු
හිනා නොවී ඉමු
එක මොහොතක්”
ආදරය ගැන පසුවට කතා කරමු.


-Lankadeepa.lk


0 comments: