බබාට කිරි දෙන ගමන් සචිනි අයේන්ද්‍රා කෙට්ටු වීමේ රහස දන්නවද?

සචිනි අයේන්ද්‍රා මේ වනවිට දරුවන් දෙදෙනෙක්ගේ මවක්.සචිනිගේ ලොකු දුවට දැන් අවුරුදු හතරක් වන අතර පොඩි දුවගේ වයස  අවුරුද්දයි මාස තුනයි.

දරුවන් දෙන්නෙක්ගේ වගකීම් සමග සචිනි මේ වන විට රංගනයෙන් ඈත්ව සිටිනවා.සචිනි හැඩ වෙනවා වගේම ක්‍ෂේත්‍රයේ මව් පදවි ලද නිළියන්ටත්   හැඩ වෙන්න  උපදෙස් දෙනව කියලත් ඇතැම් අය කියනවා.

මේ සම්බන්ධයෙන් සචිනි අයේන්ද්‍රා  කළ ප්‍රකාශයකින් පහත කොටස අප උපුටා ගත්තා.


  • දරුවෝ නිසා සචිනි රංගනයෙන් අෑත් වුණානේ. දිගටම රංගනයෙන් අෑත් වෙලා ඉන්නද කල්පනාව? 

මම අවුරුදු දෙකක් වගේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණේ නැහැ. ඒත් දිගටම රංගනයෙන් අෑත් වෙන්නෙ නම් නැහැ. මොකද ඒක මගේ වෘත්තියනේ. හැබැයි මටඉස්සර වගේ එක දිගට රඟපාන්න බැරි වෙයි. නමුත් හොඳ නිර්මාණ ආවොත් කරනවා.


  • රංගනයෙන් අෑත්වෙලා ඉඳිද්දී සචිනිගේ ජනප්‍රියකම අඩුවෙලා කියලා හිතෙන්නේ නැද්ද? 

අපි පේන්න නැති වෙනකොට ජනප්‍රියකම අඩුවෙනවා. ඒක ඇත්ත. හැබැයි මගේ ප්‍රේක්‍ෂක ජනතාවගේ ආදරය මට අඩුවෙලා නැහැ. ගොඩක් අය අහන්නේ ඇයි රඟපාන්න එන්නේ නැත්තේ කියලා.


  • ආයෙම රංගනයට එන්න හදද්දී සචිනිට මුලින් තිබ්බ ඉල්ලුම තියෙයි කියලා හිතනවද? 

සාමාන්‍යයෙන් බැන්දට පස්සේ, දරුවෝ ලැබුණට පස්සේ සමහර චරිත නොලැබී යන අවස්ථා තියෙනවා. නමුත් මට ගැළපෙන චරිත තිබුණොත් කොහොමත් කරනවා.


  • ඒ කියන්නේ සචිනිට ආයෙම පෙම්වතිය වෙන්න බැරිද? 

තාම මට පෙම්වතියකගේ චරිතයක් ලැබුණේ නැහැ. ලැබුණොත් කරනවා. රංගන ශිල්පිනියක් වුණාම තෝරා බේරා ගැනීම් කරන්න බැහැ. නමුත් මගේ ප්‍රේක්‍ෂකයෝ "ඔයා දැන් අම්මා කෙනෙක්. ඒ නිසා පෙම්වතියට හරියන්නේ නෑ" කියනවා නම් මම ඒකට කැමැති නැහැ.


  • ලස්සන බිරින්දෑවරු රංගන ක්‍ෂේත්‍රයේ රැදෙනවාට සමහර සැමියන් කැමැති නැහැ. සචිනිගේ සැමියාත් ඒ අතරේ ඉන්නවද? 

ඒක එයාගෙන් තමයි අහන්න ඕන. 

  • සචිනි ආයෙම රඟපාන්න එනවට සැමියගෙන් තහංචි නැද්ද? 

නැහැ. මම සාමාන්‍යයෙන් ගෙදර වැඩ අතපසු කරන්නේ නැහැ. මම සැමියා දරුවෝ අෑත් කරලා රංගනයේ නියැළෙනවා නම් එයා විරුද්ධ වෙයි. ඒත් මම හැමදෙයක්ම කරලා තමයි මගේ වැඩවලට යන්නේ. එයා රංගන වැඩවලට බාධා කරන්නේ නැත්තේ ඒ නිසා. මොනම සැමියෙක්වත් බිරියට බාධා කරන්න ඕනේ නැහැ. බිරියට නිදහසක් තියෙන්න ඕන. බිරියගේ අයිතිය නැති කරනවා නම් ඒ වෙනුවෙන් නැඟී සිටින්න ඕන


  • ඒ කියන්නේ තහංචි දැම්මොත් සචිනිත් සැමියට එරෙහිව නැඟී සිටිනවද?

මම වැරැද්දක් කරන්නේ නෑනේ. ඉතින් රංගනයේ යෙදෙන්න මට අයිතියක් තියෙනවා. සැමියා ඒ අයිතිය නැති කරනවා නම් අනිවාර්යයෙන්ම මම නැඟී සිටිනවා.


  • දරුවෝ දෙන්නෙක් ලැබිලත් සචිනි ඉස්සර හිටියා වගේම හැඩට ඉන්න රහස මොකක්ද?

රහසක් නෑ. ක්‍ෂේත්‍රයේ ඉඳිද්දී අපිට අපේ රූපය ගැන හිතන්නේ නැතිව ඉන්න බෑනේ. මම කොහොමත් රූපය ගැන සැලකිලිමත් වෙනවා. රංගනයේ නොහිටියත් මම එහෙමයි. දරුවෝ ලැබුණට අපේ ජීවිතය ඉවර නෑනේ. ඒ නිසා මැරෙනකල්ම ලස්සනට ඉන්න ඕන. බබාලා ලැබුණට පස්සේ සාමාන්‍ය තත්ත්වයට එන්න මම ගොඩක් මහන්සි වුණා.


  • සචිනි හැඩ වෙනවා වගේම ක්‍ෂේත්‍රයේ නිළි අම්මලා හැඩ කරන්නත් උපදෙස් දෙනවලු නේද?

දෙවැනි බබා ලැබුණට පස්සේ මගේ බර කිලෝ දහඅටකින් වැඩි වුණා. බබා ලැබිලා සති හයක් යද්දි මම කිලෝ දහයක් බර අඩු කර ගත්තා. ඉතිරි මාස හය යද්දී බබා ලැබෙන්න කලින් හිටපු තත්ත්වයට මම ආවා. ඒකට මම මහන්සි වුණා. බබාට කිරි දෙන ගමන් මම කෙට්ටු වුණ විදියට ගොඩක් අය පුදුම වුණා. ඉතින් බබාලා ලැබුණු ක්‍ෂේත්‍රයේ ඉන්න මගේ යාළුවෝ කෙට්ටු වුණේ කොහොමද ඇහුවම මම කෑම පාලනය කරලා ඒ වෙනුවෙන් මහන්සි වුණු විදිය කිව්වා. ඒ විදියට කරලා ඒ අයත් කෙට්ටු වුණා. බබාලා ලැබුණත් වුවමනාව තියෙනවා නම් හිටපු තත්ත්වයට සිරුර හදාගන්න පුළුවන්.


0 comments: