ශනූ කාලෙකින් කතා කරයි.



රංගනය ඇයට ආගන්තුක නැහැ. මොකද කලාව වෙනුවෙන් ඉපදුණු පවුලක බඩපිස්‌සි වුණු ඇය සිනමාවට පිවිසෙන්නේ බහතෝරන වියේදී. ශනුද්‍රි ප්‍රියසාද්, ප්‍රියසාද් පවුලේ අක්‌කා නඟො තුන්දෙනාගෙන් බාලම සොයුරිය. අක්‌කලා නිළියන් වෙන්න කලින් නිළියක්‌ වුණ ශනුද්‍රි කාලෙකට පස්‌සේ අපිත් එක්ක කතාබහ කළා. 


  • මොකද ශනූ වෙන්නේ ?

ලබන අවුරුද්දේ උසස්‌ පෙළ විභාගය ලියන හින්දා මේ දවස්‌වල වැඩනම් මුකුත් භාරගත්තේ නැහැ. හැබැයි ගිය අවුරුද්දේ චිත්‍රපට තුනක රඟපෑවා. ඒවා නුදුරේදීම තිරගතවේවි.


  • ලැන්ටිං සිංඤ්ෙÆa සිනමා නිර්මාණයෙන් දකින්න ලැබෙනවා නේද?

ඔව්. එම චිත්‍රපටයේ ගීත තුනක්‌ තිබෙනවා. මම එහි එක ගීතයකට නර්තනයෙන් දායක වෙනවා. ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 


  • ශනු වැඩිපුර කැමැති සිනමාවටද? ටෙලිනාට්‍යවලටද?

මම ඔය දෙඅංශයටම වඩා කැමැති ගායනයට.


  • පසුගිය කාලේ ගීතයක්‌ කළානේද?. 

මොකද ඒකට වුණේ ?

මම යුග ගායනයට නම් සම්බන්ධ වෙලා තියෙනවා. ඔබේ ආදරය කියලා මගේම ගීතයක්‌ නිර්මාණය කළා. ඒක තවම එළිදැක්‌වූයේ නැහැ. ඉක්‌මනටම ඒ ගීතය එළිදක්‌වන්න හිතාගෙනයි ඉන්නේ.


  • අක්‌කලා දෙන්නාට වඩා නංගිට හොඳට සින්දු කියන්න පුළුවන් පාටයි ?

ඒ දෙන්නාට වඩා සින්දු කියන්නේ මම. ඒ දෙන්නටත් මට වඩා හොඳට සින්දු කියන්න පුළුවන් ඇති.


  • අක්‌කලා දෙන්නට ඉස්‌සර ශනුද්‍රි තමයි මුලින්ම සිනමාට ආවේ ?

මම අවුරුදු තුනහමාරේදී තමයි සිනමාවට පිවිසුණේ. ඒ තාත්තාගේ ඔන්න බබෝ චිත්‍රපටයේදී. එතැනින් පසුව අවුරුදු නවයේ පටන් රඟපානවා.


  • දැන් අධ්‍යාපන කටයුතු එපාවෙලාද?

අපොයි නැහැ. මම ලබන අවුරුද්දේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින හින්දා දැන් හැම වැඩක්‌ම නවත්තදාලා විභාගයට මූලිකත්වය දීලයි තියෙන්නේ. ඉගෙන ගෙන ඉන්න එපායෑ මොනවා කරන්නත් කලින්.


  • තුන්දෙනාගෙන් කවුද වැඩිපුර ජනප්‍රිය ?

රංගනයට ගොඩක්‌ ආරාධනා ලැබෙන්නේ ලොකු අක්‌කා දිනක්‍ෂිට. මම ඉතිං සමාජ වෙබ් අඩවි අතරේ පසුගිය කාලයේ පොඩ්ඩක්‌ ජනප්‍රිය වුණා.


  • දිනක්‍ෂි, ශේෂාද්‍රි, ෂනුද්‍රි හරි හරියට අන්තර්ජාලයේ ජනප්‍රියයි නේද?

හොඳ විදිහට ලැබෙන ප්‍රතිචාර නම් අවුලක්‌ නැහැ. සමහරු ඉන්නවා අනවශ්‍ය ගොසිප් කතා පතුරුවන. ඒ වගේ දේවල් හැදෙන්නේ නැතිව හොඳ ප්‍රතිචාර ලැබෙනවා නම් අවුලක්‌ නැහැ.


  • ඇයි මේ මුහුණු පොතේ තුන්දෙනත් එක්‌ක තරගයට පින්තූර දාන්නේ ?

අනේ එහෙම නම් නැහැ.


  • වැඩිපුර අන්තර්ජාලයේ ඉන්නේ ෂනුද්‍රි නේද?

මම ෆේස්‌ බුක්‌වලට වඩා instergram වල තමයි තොරතුරු ඇතුළත් කරන්නේ. සමාජ බෙව් අඩවිවල හරියට අප්ඩේට්‌ වෙනවා.


  • මේවා කරන්නෙ ජනප්‍රිය වෙන්න බලාගෙනද?

අයියෝ නැහැ. මගේ රසිකයන්ට මගේ තොරතුරු දැනගන්න තමයි මම ඒ දේවල් කරන්නේ. 


  • මේ වැඩවලට ගෙදරින් බණින්නේ නැතිද?

අපොයි නැහැ. අම්මයි, තාත්තයි කැමැතියි. නම කැතවෙන්නේ නැති දෙයක්‌ කළාට ගැටලුවක්‌ නැහැ.


  • අක්‌කලා දෙන්නා නංගි ගැන මොකද කියන්නේ ?

මම කොච්චර ලොකු වුණත් අපේ පවුලේ හතර දෙනාට හැමදාම මාව පෙනෙන්නේ පොඩියටනේ. ඉල්ලන ඉල්ලන දේවල් මට ලැබෙනවා.


  • උසස්‌ පෙළ විභාගයෙන් පස්‌සේ මොනවාද කරන්නේ ?

ගුරු වෘත්තියේ නියෑලෙන්න තමයි කැමැති.


  • දිනක්‍ෂි අක්‌කා ශනුද්‍රි නංගි ගැන මොනවාද කියන්නේ ?

දිනක්‍ෂි අක්‌කා ගොඩක්‌ වෙලාවට බිසීනේ. එයා මට සාමාන්‍යයෙන් හමුවෙන්නේ රෑ කෑම මේසයේදී තමයි. එයත් හරි ආඩම්බරයි. මට ක්‍ෂේත්‍රයේ ඉන්න ඕනෑ විදිහට ඇය මට කියලා දෙනවා. 


  • ශනූ ඊට වඩා ආඩම්බරයි කියන්නේ ?

අයියෝ මම පොඩ්ඩක්‌වත් ආඩම්බර නැහැ. මට ෆේස්‌ බුක්‌වලින් එහෙම ලැබෙන පණිවුඩ වලට ප්‍රතිචාර දක්‌වනවා. එතකොට තමයි කියන්නේ අපි හිතපු තරම් ඔයා ආඩම්බර නැහැ කියලා එවලා තියෙනවා. ගොඩක්‌ අයට මගේ මුහුණ බැලුවහම පේනවා ඇති ආඩම්බරයි කියලා. අනේ මම පොඩ්ඩක්‌වත් ආඩම්බර නැහැ. 


  • පාසල් ජීවිතය එහෙම කොහොමද?

හරිම සුන්දරයි. තව මාස කිහිපයයි පාසල් යන්න තියෙන්නේ.


  • පාසැලේ වැඩිපුර ඉන්නේ පිරිමි යාළුවෝ කියන්නේ ඇත්තද?

අයියෝ එහෙම නැහැ.


  • තාත්තා දුවට අවස්‌ථාවක්‌ දුන්නාට අක්‌කා චිත්‍රපටයක්‌ කළොත් නංගිට අවස්‌ථාවක්‌ ලබාදෙයිද?

මට හරියන චරිතයක්‌ තිබුණොත් අනිවාර්යයෙන්ම ලබාදේවි.

-දිනේෂ් විතාන

0 comments: