නිරූපණය කියන්නේ ජරා රස්සාවක් නෙවෙයි - ටීනා.



  • මේ දවස්වල අන්තර්ජාතික තරගයකට ලෑස්ති වෙනවා නේද?

ඔව් Miss Globe තරගාවලියට ලෑස්ති වෙනවා. නොවැම්බර් මාසේ තුර්කියේ තමයි තරග පැවැත්වෙන්නේ. මේ දවස්වල කන එක අඩුකරලා තියෙන්නේ. හම ගැන වැඩිපුර හිතනවා. ලංකාව නියෝජනය කරන එක ලේසි වැඩක් නෙවේ. මොකක්ම හරි දෙයක් අරන් එන එක තමයි බලාපොරොත්තුව.


  • නිරූපිකාවක් වුණේ රූ රැජන තරගවලට සහභාගි වෙන්න ලේසිම මාර්ගය නිසාද?

එහෙමත්ම නෙවෙයි. නිරූපිකාවක් වෙන එක තමයි පොඩි කාලේ ඉඳන්ම මගේ තිබුණු හීනේ. ඒ කාලේ මම හරියට ෆැෂන් ෂෝ බලනවා. මම හිතනවා මේ ක්ෂේත්‍රයේ මට ගොඩාක් දුර යන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් කාලේ ලැබෙන විදියට වැඩ ටික කරගෙන ඉන්න තමයි බලන්නේ. මම සතුටුයි මම කරන වැඩ ගැන.


  • නිරූපිකාවකට විතරද ජාත්‍යන්තරය නියෝජනය කරන්න පුළුවන්?

මම හිතන්නේ සාමාන්‍ය කෙනෙක් ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරනවට වඩා නිරූපිකාවක් ජාත්‍යන්තර තරගවලට සහභාගි වෙන එක අතර වෙනසක් තියෙනවා. නිරූපිකාවකට ගොඩාක් අත්දැකීම් තියෙනවා. ඒ නිසා නිරූපිකාවක් ඒ වගේ තරගවලට යන එක හොඳයි සාමාන්‍ය කෙනෙක් යනවට වඩා.


  • ඒත් ඉතින් නිරූපිකාවෝ තරගවලට සහභාගි වුණාට තරග දිනන්නේ හරි අතළොස්සයි නේද?

මෙහෙමයි. හුඟක් තරගවලදි ව්චබඪධචත ඛ්ධඵබභථඥ, ඕඥඵබ ච්චදජඪදඨ ධ්බඥථ වගේ ඒවා වලින් තමයි ජයග්‍රහණය කරන්නේ. ජාත්‍යන්තර තරග දිනන්න අමාරුයි. එක එක්කෙනාගේ තියෙන දැනුම, ලස්සන, උස, හැමදේම තරගෙකට බලපානවා. සමහරු ජාත්‍යන්තර තරගවලදී මහන්සි වෙන්නේ නැතිව තරගය දිහා හරි සැහැල්ලුවෙන් බලනවා. ඒත් විදේශීය නිරූපිකාවෝ අපිට ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. එයාලා පුදුම විදියට තරග වෙනුවෙන් මහන්සි වෙනවා. ලංකාවෙන් ජාත්‍යන්තරය නියෝජනය කරන්න යන සමහරු දකිද්දි නිරූපිකාවෝ කියලා කියන්නත් අමාරුයි.


  • Miss Globe තරගාවලියට මේ අවුරුද්දේ යන්නේ සුදුසුම කෙනාද?

මේ තරගාවලියට සුදුස්සෝ තෝරගන්න තිබුණු තරගයෙන් අනෙක් තරගකාරියන්ට වඩා ඉහළ ප්‍රතිඵල තිබුණේ මට. ඒ නිසයි මට මේ අවස්ථාව ලැබුණේ. මේ මම පිටරට තරගයක් නියෝජනය කරන පළමුවැනි අවස්ථාව. සුදුසුම කෙනාද කියන්න දන්නේ නැහැ. ඒත් තරගය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. මේ මට ලැබුණු අවස්ථාවක්.


  • ඔය කොච්චර වුණත් සමාජය නිරූපිකාවෝ දිහා බලන්නේ වපර ඇහින් නේද?

ඒක සාධාරණයි. අද වෙද්දි නිරූපිකාවෝ හුඟක් ඉන්නවා. ඒත් බහුතරයක් ඉන්නේ පත්තරේක ෆොටෝ එකක් දෙකක් ගිය ගමන් මම දැන් මොඩ්ල් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න අය. මේ තැනට එන්න ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ දේවල් ගැන ඉගෙන ගන්න ඕනේ. එක එක අය බලන්නේ එක එක විදියට. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්. තරගයක් දිනලා ආවත් එයාලගේ ඇඟිල්ල අපි දිහාට එල්ල වෙනවා. මොඩ්ලින් කියන්නේ මහ ජරා රස්සාවක් නෙවේ. නිරූපිකාවක් කියලා වෙන වෙන දේවල් කරන අයත් ඉන්නවා.


  • තමන් කරන රස්සාව දිහා සමාජය වපර ඇහින් බලද්දි කෙල්ලෙක් විදියට ඉන්න පුළුවන්ද?

පුළුවන්. මේ අවුරුදු හතරට මට ප්‍රශ්න ඕන තරම් ආවා. මාව වට්ටවන්න ඕන තරම් දේවල් කළා. මේ ක්ෂේත්‍රය ඇතුළේ මට මුණගැහෙන හැමෝම මම මගේ යාළුවෝ කරගන්නේ නැහැ. මගේ හිතට අවංකව දැනෙන අය විතරයි මගේ යාළුවෝ කරගන්නේ. ගෑනු ළමයි අතර කොහොමත් ඊර්ෂ්‍යාව තියෙනවා. කතාවක් කියන්න නැත්නම් බොරුවට කතාවක් හදලා හරි කියයි. මම ඒවා ගනන් ගන්නේ නැහැ. බොරු කතා ඔළුවට දාගෙන වැඩ කරන්න බැහැ. මම ඕවට සැලෙන්නේ නැහැ. මම ශක්තිමත් කෙල්ලෙක්.


  • නිරූපිකාවක් කියන්නේ සමාජශීලී චරිතයක්. තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න, ඕනෑවට වඩා මොඩ් කරන්න, මත්ද්‍රව්‍ය භාවිත කරන්න, නයිට් ක්ලබ් යන්න සිද්ධ වෙනවා නේද?

එහෙම කියන්න අමාරුයි. සමහරු මේ දකින දේ කොපි කරන්න බලාගෙන ඉන්නේ. ක්ෂේත්‍රයේ පැවැත්ම වෙනුවෙන් අනෙක් අය කරන දේවල් හොයන්නේ බලන්නේ නැතිව එයාලත් කරනවා. කෙල්ලෙක් වුණාම බිව්වට ප්‍රශ්නයක් නැහැ කියලයි මම හිතන්නේ. ඒත් හැමදේම තමන්ගේ සීමාව දැනගෙන කරන්න ඕනේ.


  • ඒ කියන්නේ ටීනත් ක්ලබ් යන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙල්ලක්?

ක්ලබ් යනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙවේ. ඒත් දැන්නම් මතක ඇති කාලයක මම ක්ලබ් එකකට ගිහින් නැහැ. සීමාවන් දැනගෙන, මම හැසිරෙන්න ඕන විදිය දැනගෙන හැසිරෙනවා.


  • උඩින් හරි ලස්සනයි කියලා පෙනුණට ඔය ක්ෂේත්‍රය ඇතුළේ සෑහෙන්න කැපිලි කෙටිලි තියෙනවා නේද?

ඕන තරම් තියෙනවා. කොච්චර හංගන්න හැදුවත් එළියට එනවා. ගෑනු ළමයි කොහොමත් ඊර්ෂ්‍යාවයිනේ.


  • තරගයක් දිනන්න රූපේ විතරක් මදි නේද?

සමහර තරගවලදි නම් උසත් වැදගත්. තරගය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳ දැනුමක් අවශ්‍යයි. මොනවද තමන්ගේ අඩුපාඩු කියලා දැනගෙන ඒවා හදාගන්න ඕනේ. සමඟියෙන් වැඩ කරන එක, තැනකට ගියාම පිළිවෙළට හැසිරෙන එකත් තරගයකදි වැදගත්.


  • ටීනා කියන්නේ පෙම්වතියක්නේ. ඔය අඳින පලඳින විදියට පෙම්වතාගෙන් තහංචි නැද්ද?

තියෙනවා. නැත්තේ නැහැ. ඒත් මම හැම දෙයක් ගැනම එයාගෙන් අහනවා. සමහර තැන්වලට එයාවත් එක්කන් යනවා. ඒ නිසා එහෙම බාධා කිරීම් නැහැ.


-සවනි ශේෂාධි

0 comments: