Salon නොයා ලස්සන වෙන්නේ මෙහෙමයි.



කාන්තාවකගේ එක හීනයක් තමයි ලස්සන වීම කියන්නෙ. හැම කාන්තාවක්ම කැමති කාගේත් ඇස් ඇය වෙත හැරෙනවට. අපි කවුරුත් බලන්නේ කොහොම හරි ලස්සන වෙන්න. සුදු වෙන්න. ලස්සනට අඳින්න. පළඳින්න. ඉතින් අද මම SHII Magazine එකෙන් කියලා දෙන්නේ කොහොම ද අඩු වියදමකින් ලස්සන වෙන්නේ කියලා.


ක්‍රම කිහිපයක් ම තියනවා.  


1. Blackhead අයින් කරගන්නේ කොහොම ද?








මේ  Blackhead කියන එක හැම කාන්තාවකට ම පොදු ප්‍රශ්නයක් වෙලා තියනවා. ඒ ඔයා ඔයාගේ මුහුණ නිසියාකාර ව  පිරිසිදු කරන්නේ නැති නිසා. විශේෂයෙන් makeup නිතරම use කරන අයට මේ කියන blackhead ඇතිවන ප්‍රමාණය වැඩි. ඉතින් Blackhead ඇති වෙලා ඔයාගේ මුහුණ කැත වෙනවා. ඊට පස්සේ Salonsවලට ගිහින් වියදම් කරලා අයින් කරගන්නවා. ඒ සල්ලි ටික ඔයාට ඉතුරු කරගන්න තිබ්බ නම් කොයි තරම් නම් හොඳ ද? එහෙනම් මෙන්න ගෙදර දී ම විසඳුම. කරන්න ඕනෙ පොඩි දෙය යි. 


අවශ්‍ය ද්‍රව්‍ය 

Baking soda මේස හැඳි 1ක්
වතුර මේස හැඳි ½ක්
කුඩා bowl එකක්
බිත්තර සුදු මදය
Toilet papers හෝ Tissue papers
පින්සලක් (තරමක් කෙඳි සහිත පැතලි පින්සලක් විය යුතුයි)


මේක මුහුණට apply කරන්න කලින් අපි මුහුණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනෙ. ඔයා පාවිච්චි කරන face wash එකෙන් ඉස්සෙල්ල ම මුහුණ පිරිසිදු කර, තෙතමාත්තු කර උණුවතුර bowl එකකට පුරවා steam කරන්න. මේක විනාඩි 5ක් කලොත් ඇති.
ඊට පස්සේ අපිට පුළුවන් Baking soda පස්ටේ එක blackhead තියන තැන්වල ගාගන්න.


සාදන ක්‍රමය

Baking soda වතුර සමඟ මිශ්‍ර කර ගෙන paste එකක් සාදා ගන්න. පසුව blackhead තියන තැන්වල ආලේප කරන්න. (මෙම ආලේපය මුළු මුහුණට ම වුවත් සුදුසු වුව ද විශේෂයෙන් blackheadවලට සුදුසු වේ.) මිනිත්තු කිහිපයක් scrub කර හොඳින් සෝදා හරින්න. පසුව බිත්තර සුදු මදය ගෙන bowl එකකට දමා මදක් බුබුළු එන තෙක් beat කරගන්න. පසුව පින්සල රැගෙන බිත්තර paste එක අලේප කරගන්න. Toilet හෝ tissue paper එකක් රැගෙන (toilet papers වඩාත් සුදුසු යි.) ආලේප කරන ලද බිත්තර paste එක මත තබන්න. නැවත සාදාගත් බිත්තර paste paper එක මත apply කර මද වේලාවකින් ඉවත් කර ගන්න. පසුව හොඳින් සෝදා හරින්න. ඉන් පසු ඔබ පාවිච්චි කරන moisturising cream එක ආලේප කරන්න.




2. Face mask එකක් සාදා ගන්නේ කොහොම ද?






ලස්සන වෙන්න, ලස්සනට ඉන්න තවත් එක ක්‍රමයක් තමයි face mask එක කියන්නේ. මම මේ කියලා දෙන ක්‍රමය හරිම සරල යි. ඒ වගේ ම හරියට ම හරියන දෙයක්.
අවශ්‍ය වෙන්නේ මෙච්ච්චර යි.

දෙහි යුෂ මේස හැඳි 2ක්
Baking soda මේස හැඳි 4ක් හෝ 5ක්
Bowl එකක්
(මෙය තමන්ගේ මුහුණේ ප්‍රමාණය මත වෙනස් විය හැකි ය.)


සාදන ක්‍රමය
දෙහි යුෂ සහ Baking soda රැගෙන bowl එකට දමා paste එකක් සෑදෙන සේ කලවම් කරගන්න. පසුව විනාඩි 20ක පමණ කාලයක් තබා සීතල ජලයෙන් සෝදා හරින්න. 


3. කිහිලි ප්‍රදේශවල අවට තිබෙන කළු ඉවත් කරගන්නේ කෙසේ ද?







හැම කාන්තාවකගේ ම කිහිලි ප්‍රදේශ සහ දණිහිස් ප්‍රදේශ කළු පැහැ වීම සාමාන්‍ය දෙයක්. නමුත් එය කාන්තාවන් වූ අපට හිසරදයක්. ඉතින් අපි බලමු මේ කළු වූ ප්‍රදේශයන් ඉවත් කරගන්නේ එහෙමත් නැත්නම් සුදු කරගන්නේ කොහොම ද කියලා.


අවශ්‍ය ද්‍රව්‍ය
වතුර මේස හැන්දක්
Baking soda මේස හැඳි 3ක් පමණ
Paste එක සාදා ගැනීමට කුඩා භාජනයක් 


සාදන ක්‍රමය
වතුර සහ baking soda එකට දමා paste එකක් ආකාරයට සාදා ගන්න.
මේක ආලේප කරන්න කලින් කරන්න පිරිසිදු කරගන්න ඕන ක්‍රමයක් තියනවා. කිහිල්ල සහ එහි අවට හොඳින් පිරිසිදු කරගන්න. පසුව shaving razor එකක් මගින් shave කර සෝදා පිරිසිදු කරගන්න.
පසුව අප සාදාගත්  baking soda ආලේපය අලේප කර විනාඩි කිහිපයක් වේලෙන්නට තබා සෝදා හරින්න.



-සාරා දිසානායක

0 comments: