ලසන්ත, රතුපස්වල, වැලිකඩ, කීත් නොයාර්, එක්නැලිගොඩ සිද්ධි එකම හස්තයකින්!
-
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ පවත්වනු ලබන සහ මේ වන විට අධිකරණ
කිහිපයක් ඉදිරියේ විභාග වෙමින් පවතින බරපතළ අභිරහස් ඝාතන සහ පහරදීම් පහක් සිදු
කිර...
Shii Magazine
Interviews
Yashoda Wimaladharma
තමන් මුහුණදුන් පිළිකුල්සහගත නවකවදය ගැන යශෝධා හෙළි කරයි.
තමන් මුහුණදුන් පිළිකුල්සහගත නවකවදය ගැන යශෝධා හෙළි කරයි.
යශෝධා විමලධර්ම කියන්නේ කව් ද කියලා විස්සතර කරන්න ඕන නෑ. ඇය ඒ තරමට දක්ෂ ප්‍රතිභාපූර්ණ නිළියක්. රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට එක්වන ඇයගේ කලා දිවිය මේ වනවිට වසර ගණනක් ඈතට දිව යනවා. සුරූපී දේහ විලාශයකින් හෙබි ඈ තවමත් ගෙවන්නේ තනිකඩ ජීවිතයක්.
අද ඈ ගෙවන ජීවිතය එදාටත් වඩා සුඛෝපභෝගී වූ නමුත්, ඈ තවමත් ඉන්නේ මීට වසර ගණනකට පෙර මුහුණ දෙන්නට සිදු වූ කටුක අත්දැකීම්හි අමිහිරි මතකයන් සමඟින්. එදා විඳි වේදනාව ඇය අදටත් විඳින බව කීවොත් නිවැරදියි. ඇය තවමත් විවාහයක් ගැන නොසිතන්නේ ද එදා විඳින්නට සිදු වූ ඒ කායික හා මානසික පීඩාවන් නිසාම විය යුතුයි.
යශෝධා විමලධර්ම වසර ගණනකට පෙර තමන් මුහුණ පෑ ඒ අමිහිරි අත්දැකීම් පෙළ එකිනෙක වචනවලට පෙරළුවේ මේ විදියට…
“90 දශකයේ මුල් භාගය වෙද්දීත් මම ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන් තරුණ, තරුණියන් අතර අද වගේ ජංගම දුරකතන සුලබ නොවූ නිසා හැමෝම කළේ ලියපු එක…. මටත් ලංකාව පුරාම රසික රසිකාවන්ගෙන් දවස ගාණේ ලිපි ලැබුණා.
ඔය අතරෙ අනූ හතර අවුරුද්දෙ මම විශ්වවිද්‍යාල වරම් ලැබුවා… ඒ කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට. ඒ කාලෙ පැවැති ජේ.වී.පී. වාතාවරණයත් එක්ක ළමයි සෑහෙන පිරිසක් එකතු වෙලා හිටියා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ නොවී. ඒ හැමෝම ඇතුළු වුණේ මම ඇතුළු වුණ අවුරුද්දේ… ඒ වෙද්දී මගේ තාත්තා කැලණිය විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්.
ඔය අතරෙ 94 අවුරුද්දෙ මම විශ්වවිද්‍යාල වරම් ලැබුවා… ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට. ඒ කාලෙ පැවැති ජේ.වී.පී. වාතාවරණයත් එක්ක ළමයි සෑහෙන පිරිසක් එකතු වෙලා හිටියා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ නොවී. ඒ හැමෝම ඇතුළු වුණේ මම ඇතුළු වුණ අවුරුද්දේ… ඒ වෙද්දී මගේ තාත්තා කැලණිය විශ්වවිද්‍යාලයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්.
ඒත් මම විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න ඒ තරම් කැමැත්තක හිටියේ නෑ…. මට ඕන වුණේ බාහිරින් උපාධිය කරන්න. ඒත් කැලණිය විශ්වවිද්‍යාලයේම ප්‍රොෆෙසර් කෙනෙක් වුණ තාත්තා කිව්වෙ කලාකාරියක් විදිහට විශ්වවිද්‍යාල ජීවිතයේ ලබාගන්න තියෙන අත්දැකීම් මට ගොඩක් වටීවි කියලයි. හැමදාමත් තාත්තා කියපු දේට ඇහුම්කන් දුන්න මම තාත්තගේ ඒ ඉල්ලීමටත් එකඟ වුණා.
මම විශ්වවිද්‍යාලයට යද්දී එහෙ මාව නොදන්නා කෙනෙක් නැති තරම්…. මම කලින් කිව්වා වගේ මට නිතර ලියපු රසික පිරිස අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසකුත් හිටියා. මේ සියලු හේතු නිසා මගේ පැමිණීම එයාල හරි ආසාවෙන් බාර ගනීවි කියල මම හිතුවා.
එතෙක් මට ආදරය කරපු පිරිසක් එයාල ළඟට ආවට පස්සේ මට එහෙම සලකාවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ…. එයාලා මාව පිළිගත්තේ අමානුෂික නවක වදයකින්… ඒ විදිහට මට මුහුණ දෙන්නට සිදු වූ දේ මට මාධ්‍යයකට කියන්න බැරි තරම්.
විශේෂයෙන් මානව ශාස්ත්‍ර පීඨයේ අය මාව දරුණු ආකාරයට මානසික හා කායික පීඩාවන්ට ලක් කළා. එයාලගෙ අදහස වුණේ උසස් අධ්‍යාපනයට ඕන තරම් මාර්ග ඇති මම විශ්වවිද්‍යාලයට එන්න ඕන නෑ කියලයි. ගෙදර ඉඳල තාත්තගෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙද් දී තව ළමයෙකුගේ අවස්ථාවක් උදුරා ගත්තා කියලයි ඒ අය මාව වැඩිපුරම පීඩාවට ලක් කළේ…
ඒත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණ මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න අයිතියක් නැත්තෙ නැහැනෙ… එන්න එන්නම මාව පීඩාවට පත් කරන එක වැඩි වුණා. ළමයි 3000ක් විතර වරින්වර මාවම නවක වදයට නතු කර ගනිද්දී මගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඒවා විශ්වවිද්‍යාල සිසුන් අතින් සිදුවුණ සාමාන්‍ය රැග් කිරීම් නෙවේ කියලා මම නැවතත් කියනවා. හැමදාමත් ඒ විදිහට කාගෙන්හරි පීඩාවට ලක්වෙලා මම එනතුරු එහිම කථිකාචාර්යවරයෙක් වුණ මගේ තාත්තට බලාන ඉන්න සිද්ධ වුණා කියන්නේ මොනතරම් අවාසනාවක් ද…? මාව ඒ පීඩාවන්ගෙන් මුදවා ගන්න තාත්තාටවත්, තාත්තගේ ස්ටාෆ් එකේ වෙන අයටවත් පුළුවන් වුණේ නැහැ….
තාත්තගේ කීමට එයාගෙම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණ මම, එයා දැන දැනම මානසිකව හා කායිකව පීඩා විඳීම එයා බලාගෙන හිටියෙ ලොකු කම්පනයකින්. ඒ වේදනාකාරී අත්දැකීම කාලයක් අත්විඳි තාත්තා එක වරම දරුණු ස්නායු රෝගී තත්ත්වයකට ගොදුරු වුණා.
එතැන් පටන් තවත් අවුරුදු හතරක්ම මගේ තාත්තා හිටියේ සිහිවිසඥ ව. සුවිසල් දරු පිරිසකගේ දෙනෙත් පාදන්නට හැකියාව තිබුණ ප්‍රඥාවන්තයෙක්ට ඒ විදිහට සිව් වසරක් අසිහියෙන් ඇඳක ඉන්න ලැබිම මොනතරම් අභාග්‍යයක් ද…? අවසානයේ මා නිසා ඔහුගේ සිතේ හටගත් කම්පාව වසර හැත්තෑවක් වනවිට දී ඔහු මට සදහටම අහිමි කරවන්නට තරම් ප්‍රබල වුණා.
අදටත් ඉඳහිට නොයෙක් දේශනවලට මම කැලණිය විශ්වවිද්‍යාලයට යන වෙලාවල් තියෙනවා. ඒ හැම වෙලාවකම මට ඒ කටුක අතීතයේ සිදු වූ හිත් පාරවන සිදුවීම් පෙළ රූප පෙළක් වගේ මතකයට නැගෙනවා.”
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...


Popular Segments
-
සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වූ රවීන්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලිනාට්‍යයේ පැංචි චරිතය තුළින් බොහෝ රසික පිරිසකගේ කතාබහට ලක්වූ සඳනි මධුභාෂ...
-
ස්කොට්ලන්තය, ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්විය. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ මාස හයක් ත...
-
දරු ප්‍රසූතිය එක් පසකින් අවදානම් සහ වගකීම් සහිත කටයුත්තක්. නමුත් එහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරයාට පවරන්න බැහැ. මවටත් එහි වගකීමක් තිබෙනවා. ඕන...
-
ගර්භණී සමයේදී පෝෂණය ඉතාම වැදගත්. මව ගන්නා ආහාර දරුවාගේ වර්ධනය, බුද්ධිය සහ දරුවාගේ අනාගතය පවා තීරණය කරන සාධකයක් වෙන්න පුළුවන්. ඒ, බී, සී,...
-
ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගැන ගොඩක් අය විවිධ අදහස් ඉදිරිපත් කළානේ. ඒවගේ මියුසික් වීඩියෝ එකක් ඉරාජ් ආයෙමත් කරන්න යනවාලු. ඉතින් මේ අලුත් ...
-
අයෝමය කාන්තා තරගයකට සහභාගී වන කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම සඳහා අනෝමා ජනාදරී සුදානම් වනවා. ඒ සඳහා සිරුර හැඩගස්වා ගැනීම සඳහා ව්යා...
-
චමු ශ්‍රී කියන්නේ කවුද කියලා කට්ටියට අමුතුවෙන් රචනා ලියන්න ඕනේ නෑ නේ. ඉරාජ්ගේ රැල්ලෙන් පස්සෙන් අඩ නිරුවත් දර්ශන සහිත පෙරළිකාර මියුසික් වී...
-
2016.06.19 දින 'සත්හඩ පුවත්පතේ, කැදැල්ල අතිරේකයේ' කවරයේ ඡායාරූපය මේ දිනවල බොහෝ තරුණ තරුණියන්ගේ කතා බහට ලක් වූ මාතෘකාවක් විය....
-
ලොකු කුඩා අපි කවුරුත් ඕනෙම වෙලාවක් කන්න කැමති චොකලට් වලින් ලේසියෙන්ම හදන්න පුළුවන් රසවත් කෑම කීපයක් සහ රසම රස හොට් චොකලට් එකක් හදා ගන්න හැ...
-
මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හ...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
Info Sri Lanka Network
-
-
විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් - නිසි ජනන සැලැස්මක් නොමැතිකම හේතුවෙන් මෙම වසරේදී විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් සිදු වනු ඇති බව ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගම...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
