ෆෙයානස් ක්‍රීම් නිවැරදිව ආලේප කරගන්නේ මෙහෙමයි




ෆෙයාර්නස්‌ ක්‍රීම් වර්ග ගැන ගැන කාන්තාවන්ගේ අවධානය වැඩිපුර යොමුවී තිබෙන යුගයක් තමයි මේ. දිනෙන් දින නොයෙකුත් නම්වලින් ෆෙයානස් ක්‍රීම් වෙළෙඳපොළට එක්වන්නේ මේ හේතුව නිසයි.

ෆෙයානස්‌වලින් සිදුවන්නේ මෙලනින් පාලනය කිරීමක්‌. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුවන්නේ වෙළෙඳපොලේ ඇති නොයෙකුත් බාල ෆෙයානස්‌ වර්ගවලට නොරැවටීමටයි.


  • ෆෙයානස් ක්‍රීම් නිවැරදිව ආලේප කරන්නේ මෙහෙමයි


බොහෝ දෙනෙක් ෆෙයානස් ක්‍රීම් ආලේප කරන්නේ මුහුණෙහි පමණයි. එය වැරදි ක්‍රියාවක්. එයින් සිදුවන්නේ ඔබේ  මුහුණ සහ සිරුර වර්ණ දෙකකට වෙන්වීම. ඒ නිසා ඔබ මිලදී ගත් හොඳ වර්ගයේ ෆෙයාර්නස්‌ ක්‍රීම් වර්ගය පළමුව හිරු එළියට සම පිළිස්‌සී ඇති ස්‌ථානවල ආලේප කරන්න. ටික දවසකින් සම නැවත යථා තත්ත්වයට පත් වූ පසු මුහුණ, බෙල්ල, අත් පා යන සියලු ස්‌ථානවල ෆෙයාර්නස්‌ ආලේප කිරීම අරඹන්න. අන්න එහෙම තමයි ෆෙයාර්නස්‌ එකක්‌ ආලේප කළ යුතු වන්නේ.

ඉක්‌මනින් සුදුවෙන්න හදන්නේ නැතිව එය ක්‍රමානුකූලව කාලයක්‌ ඇතුළත කළ යුතු දෙයක්‌ බව සිහිතබා ගැනීම හරිම වැදගත්.

ඇතැම් ෆෙයාර්නස්‌ වර්ගවල බ්ලීචිං මිශ්‍රකර තිබෙනවා. මේවා සමට සුදුසු දේවල් නොවෙයි. ගලයිකොලයික්‌ ඇසිඩ් ඇතැම් අවස්‌ථාවල භාවිත වුනත් එය ඉතාම සුළු ප්‍රමාණයකින්. එය වැඩිවීම සුදුසුම නැහැ. වෛද්‍ය නිර්දේශ අනුව තමයි එවැනි දේ සමට භාවිත කළ යුතු වන්නේ.


  • ෆෙයානස් ක්‍රීම් සහ සුදු පැහැති සමක් ලබා ගැනීම


සුදුවෙන්න හිතාගෙන නොයෙකුත් ෆෙයාර්නස්‌ වර්ග ආලේප කර සම නාස්‌ති කරගන්නා කාන්තාවන් අද දක්‌නට ලැබෙනවා. සුදු පැහැ සමක් වෙනුවෙන් විවිධ ආලේපනයන් වගේම, එන්නත් ආදිය ලබාගැනීමට ගොස් මරණයට පත්වූ කාන්තාවන් ගැනත් පසුගිය කාලයේ අසන්නට ලැබුණා ඔබට මතක ඇති.

අද ෆෙයාර්නස්‌ ආලේප කර හෙට සුදුවෙන්න තමයි බොහෝ දෙනා කල්පනා කරන්නේ. බ්ලීචිං වර්ග අඩංගු නම් එහෙම වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිඵල භයානකයි. කල් ගත වනකොට සම රැළි වැටෙනවා. සම ගැලවී වියළි යන තත්ත්වයක්‌ මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි සමේ පිළිකා තත්ත්ව පවා ඇතිවන්නට පුළුවන්.


  • ෆෙයාර්නස්‌ සහ SPF


ඔබ තෝරාගන්නා ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF (සන් ප්‍රොටෙක්‌ෂන් ෆැක්‌ටර්) හිරු කිරණින් සම ආරක්‍ෂා කිරීම ඇතුළත් නම් ඔබට එය එළිමහනට යනවිට ආලේප කළ හැකියි. මෙහිදීත් ඔබට විශේෂ යමක්‌ මතකයේ තබාගත යුතු වෙනවා. ඒ තමයි ඔබ තෝරාගන්නා ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF තිබෙනාවාදැයි කියන කාරණය. ඔබේ ෆෙයාර්නස්‌ ක්‍රීම් එකේ SPF නැතිනම් එය කිසිවිටෙකත් අව්වේ යනවිට අලේප කරන්න එපා. එය ආලේප කළ යුත්තේ නිවසේ සිටින සවස්‌ කාලයට සහ රාත්‍රී කාලයටයි.

SPF නැති ෆෙයාර්නස්‌ එකක්‌ එළියට යන විට ආලේප කිරීමේදී හිරු කිරණ සමඟ ෆෙයාර්නස්‌වල අඩංගු දේ ක්‍රියාකර සමට වෙනම ආබාධ සිදුවිය හැකි බවත් මතකයේ තබා ගැනීම නුවණට හුරුයි


0 comments: