චොකලට් වලින් ගෙදරදීම හදාගන්න පුළුවන් රසම රස කෑම



ලොකු කුඩා අපි කවුරුත් ඕනෙම වෙලාවක් කන්න කැමති චොකලට් වලින් ලේසියෙන්ම හදන්න පුළුවන් රසවත් කෑම කීපයක් සහ රසම රස හොට් චොකලට් එකක් හදා ගන්න හැටි අපි අද අනිවා වෙතින් අරගෙන ආව. කලින් කාල නැති වගේම කාල බීල තිබ්බත් හදන්න දන්නෙ නැති රෙසපි ටිකක් තමයි මේ.



1. Hot Chocolate




අවශ්‍ය ද්‍රව්‍ය:

මිල්ක් චොකලට් කප් 1 (ඔබ කැමතිම Cadbury හෝ Lindt වැනි මිල්ක් චොකලට් ගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්)
ෆ්‍රෙශ් මිල්ක් කප් 4
රස අනුව සීනි
වැනිලා තේ හැඳි 1
බ්‍රැන්ඩි මේස හැඳි 3 (රසය වඩාත් වැඩි වීමට කැමති නම්)


චොකලට් ටික ඉතාම කුඩා කැබලි කපා ගන්න.

කිරි ටික ලිප තබා මද ගින්නේ හැඳි ගාමින් රත් කරගන්න. එයට සීනි (රස අනුව), චොකලට් සහ වැනිලා එක් කර ලිපෙන් ඉවතට ගෙන චොකලට් දිය වෙන තුරු මිශ්‍ර කරගන්න.

නැවත ලිප තබා උතුරන තුරු මද ගින්නෙ නොනවත්වා හැඳි ගාන්න.  ලිපෙන් ඉවතට ගෙන උණුවෙන්ම පිළිගන්වන්න. බ්‍රැන්ඩි එක් කරනවා නම් එයත් එක් කරගන්න.

(පිළිගැන්වීමට පෙර කෝප්පයේ යටට චොකලට් කුඩා කැබලි කීපයක් එක් කර ඒ මතට හොට් චොකලට් වත් කරගැනීමෙන් හොට් චොකලට් පානයෙන් පසුව රසවත් මෙල්ටඩ් චොකලට් රස බලන්නත් පුළුවන්.)



2. Chocolate Cashew Toast


අවශ්‍ය ද්‍රව්‍ය:

මිල්ක් චොකලට් (සාමාන්‍ය චොකලට්)
පාන් පෙති
රෝස්ට් කර කුඩු කරගත් කජු
කුරුඳු කුඩු ටිකක් (කැමති නම්)


චොකලට් ටික මෙන්න මේ පහසු විදියට Boil කර දිය කරගන්න.
එයට කුඩු කරගත් කජු සහ කුරුඳු කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
පාන් පෙති වල බටර් තවරා සාදාගත් චොකලට් මිශ්‍රණය තවරා ටෝස්ටරයකින් ටෝස්ට් කරගන්න.



3. Chocolate Peanut Butter Cups


අවශ්‍ය ද්‍රව්‍ය:

මිල්ක් කුකින් චොකලට් 320
පීනට් බටර් කප් 1
සීනි කප් 1\2
ලුණු තේ හැඳි 1\4
කප් කේක් ලයිනර්ස් 12


කප් කේක් ලයිනර්ස් ඒවායේ උසින් භාගයක් වෙන තරමට කපා ගන්න.
කුකින් චොකලට් වලින් භාගයක් මෙන්න මේ පහසු විදියට Boil කර දිය කරගෙන ඒවා සකස් කරගත් කප් කේක් ලයිනර්ස් වලින් භාගයක් පිරෙන තරමට හැන්දකින් දාගන්න. මුළු කොලය පුරාම තැවරෙන ලෙස හැන්දෙන් තවර ගෙන හයි වන තුරු අධි ශීත කරන්න.

ඒ අතර තුර සීනි, ලුණු සහ පීනට් බටර් එකට මිශ්‍ර කරගන්න. සෙට් වුන චොකලට් කප්ස් ගෙන ඒවා මැදට පීනට් බටර් මිශ්‍රණය පුරවන්න.
ඉතුරු චොකලට් ටිකත් පෙර පරිදිම උණු කරගෙන පීනට් බටර් උඩින් වත් කර නැවත ශීත කරනයේ දමා සෙට් කරගන්න.



4. Chocolate Pots


අවශ්‍ය ද්‍රව්‍ය:

සීනි කප් 2\3
කෝන් ෆ්ලා මේස හැඳි 2
ලුණු පින්ච් එකක්
ෆ්‍රෙශ් මිල්ක් කප් 3
බිත්තර කහ මද 4
වැනිල තේ හැඳි 1\2
චොප් කරගත් ඩාර්ක් චොකලට් 170
කොකොවා පව්ඩර් තේ හැඳි 1\2


ලිපේ තියන්න පුළුවන් භාජනයකට කිරි කප් 1, කෝන් ෆ්ලා, සීනි සහ ලුණු එක් කර මිශ්‍ර කර බිත්තර කහ මද එකින් එක විස්ක් එකකින් ගසමින් එක් කරගන්න.

මෙයට ඉතිරි කිරි එක් කර හොඳින් මිශ්‍ර කරන්න.

භාජනය ලිප තබා අඩු ගින්දරේ මිශ්‍රණය ඝණ වන තුරු විනාඩි 12ක් පමණ නොනවත්වා හැඳි ගාන්න. උතුරන්න දෙන්න එපා.
ඝණ වූ පසු ලිපෙන් ඉවතට ගෙන වැනිලා සහ චොප් කරගත් චොකලට් එක් කර චොකලට් දිය වන තුරු හැඳි ගාන්න.
පිළිගැන්වීමට සුදුසු වීදුරු කප් වලට දමා පැය දෙකක් පමණ ශීතකරණයේ තබා උඩින් චොකලට් පව්ඩර් ඉස පිළිගන්වන්න.



5. Chocolate Bread Pudding




අවශ්‍ය ද්‍රව්‍ය:

මිල්ක් චොක්ලට් හෝ මිල්ක් කුකින් චොකලට් 225
වාටි ඉවත් කරගත් පාන් 150
හෙවි ක්‍රීම් කප් 3\4
ෆ්‍රෙශ් මිල්ක් කප් 3\4
වැනිලා තේ හැන්දක්
බිත්තර කහ මද 3
සීනි කප් 1\3


භාජනයක් අඩු සාමාන්‍ය ගින්දරේ ලිප තබා එයට විස්ක් එකකින් ගසා ගත් කිරි, හෙවි ක්‍රීම් සහ වැනිලා එක් කර උතුරන තුරු විටින් විට හැඳි ගා ගන්න. උතුරන්න ළං වූ විට ලිපෙන් ඉවතට ගෙන චොකලට් කුඩා කැබලි වලට කඩා එක් කර දිය වෙන තුරු මිශ්‍ර කරන්න.

වෙනම බඳුනක බිත්තර කහ මද සහ සීනි ක්‍රීම් වන තුරු ගසා ගෙන එය චොකලට් මිශ්‍රණයට එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

බටර් තවරාගත් අවන් කල හැකි බඳුනක පාන් අතුරා එයට උඩින් සාදා ගත් මිශ්‍රණය වත් කර පාන් වලට මිශ්‍රණය උරාගන්න තුරු විනාඩි 15ක් පමණ වෙලා පසෙකින් තබන්න.

පාන් මිශ්‍රණය දාගත් බඳුන ඊට වඩා ලොකු තැටියක් තුල තබා එයට උණුවතුර එක් කරන්න.
එම තැටිය සහ පුඩින් තැටිය සෙල්සියස් 160ට පෙර රත් කරගත් උඳුනක තබා විනාඩි 25ක් බේක් කරගන්න.



0 comments: